Powered by Blogger.

Monday, August 13, 2012

ලොව වැඩිම ද්විත්ව ශතක වාර්තා කර ඇති ක්‍රීඩකයා කවුද?


                           ඕස්ට්‍රේලියානු ජාතික ඩොන් බ්‍රැඩ්මන් වේ.1928-1948 අතර තරග කර ඇති ඔහු තරග 52ක් තුල ද්විත්ව ශතක 12ක් වාර්තා කර ඇත.ශතක 29ක් සහ අර්ධ ශතක 13ක් ඔහුගේ නමින් ලියවී ඇති අතර ඔහු තරග 52 තුල ලකුණු 6996 ක් 99.94 ක් සාමාන්‍යක් යටතේ ලබා ගෙන තිබෙනවා.

                          ඩොන් බ්‍රැඩ්මන්ට පසුපසින් සිටිනේ බ.ඉ. කොදෙව් ජාතික බ්‍රයන් ලාර යි.ඔහු 1990-2006 අතර කාල පරසයෙහි ක්‍රීඩා කර ඇති අතර තරග 131 තුල ද්විත්ව ශතක 9ක් වාර්තා කර තිබෙනවා.ඔහු ශතක 34ක් සහ අර්ධ ශතක 48 වාර්තා කර ඇති අතර ඔහුගේ 400* ඉනිමක වැඩිම ලකුනු සංඛ්‍යාව ලෙස වාර්තා වනවා.ඔහුගේ තරගයක සාමාන්්‍ය 52.88වන අතර  ඔහු 17 වතාවක් 0 ට දැවී ගොස් තිබෙනවා.

බ්‍රයන් ලාරාට පසුපසින් සිටින්නේ ග්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.ඔහු තරග 111ක් තුල ද්විත්ව ශතක 8 ක් වාර්තා කර ඇති අතර ශතක 30 සහ අර්ධ ශතක 39ක් ඔහුගේ නම අසලින් ලියවනවා.2006 දී ද.අප්‍රිකාව සමග පැවති තරගයේදී ලබා ගත් 287 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනවා.
එම සටහනෙහි 5 වන ස්ථානයෙහි මාවන් අතපත්තු ත්(6) , 8 වන ස්ථානයෙහි මහේල ජයවර්ධනත්(6), 26 වන ස්ථානයෙහි සනත් ජයසූරියත්(3) ‍රැදී සිටිනවා.

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger