Powered by Blogger.

Wednesday, October 31, 2012

කාලගුනය 1 වන එක්දින තරගයේ විසදුම තීරනය කරයිද?


1 වන එක්දින තරගය 

2012 නොවැම්බර් 1 වන දින
1430 , පල්ලෙකැලේ ක්‍රීඩාංගනය

ප්‍රධාන විස්තරය 

ග්‍රී ලාංකීය වැසියන් ගුවන  දෙස වැසි එනතෙක් බලා සිටි කාලය අවසන් කරමින් මුලු ග්‍රී ලංකා වාසීන්ට වැසි පිට වැසි ලැබෙමින් පවතී. ප්‍රශ්නය වී ඇත්තේ ක්‍රිකට් බලදාරීන් අන්තර් මෝසම ආරම්භ වන බව දැන දැනත් ග්‍රී ලංකාවේ ක්‍රිකට් තරග පවත්වීමට සූදානම් කර ඇත්තේ  ඇයිද යන්නයි.

පසුගියදා විසදුමක් රහිත වූ තරගය නැරබූ විට අපට පෙනී ගියේ නවසීලන්ත පිතිකරුවන් තවමත් ග්‍රී ලංකා තණ තීරු වලට හැඩ ගැසී නොමැති සැටියකි. තෙතමනයක් සහිත තණතීරු වලට පිතිකරුවන්  අකැමති වූවත් අපට පෙනී ගියේ නවසීලන්ත පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයකි.

ග්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මිශ්‍ර ප්‍රතිඵල සහිත වසරක් 2012 වර්ශය  හැදින්වූවත් අප ජයග්‍රහනය කල තරග වැඩි නිසා අපට තරමක් වාසි සහගත වසරක් ලෙස මෙම වසර හැදින්විය  හැක. ඕස්ට්‍රේලියාවේදී පැවැත්වූ CB කුසලානයේ අවසන් තරගයට පැමිනීමත්, පකිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය 3-1 ලෙස ජයග්‍රහනය කිරීමත් මෙම වසරේ ජයග්‍රහන දෙස බැලීමේදී කැපී පෙනේ. මෙම වසරේදී පැවැත්වූ තරග අතුරින් ග්‍රී ලංකා කණ්ඩායම  තරග 16ක් ජයග්‍රහනය කිරීමද තරග 11ක් පරාජයට පත්වීමද අප ආපසු බැලූ විට පෙනී යයි.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ ICC මගින් ප්‍රකාශ කරණු ලැබූ නව නීති පද්ධතියයි.එම නිති මාලාව අතර  එක් ඕවරයක් තුල බවුන්සර් පන්දු 2 යැවීමට අවසර දී ඇති අතර පළමු ඕවර 10න් පසු එක් පවර් ප්ලේ අවස්ථාවක් දීමට කටයුතු කර ඇත. එම පවර් ප්ලේ අවස්තාව පන්දුවාර 40ට පෙර ලබා ගත යුතු අතර එහිදී පන්දු රකින්නන් උපරිම 3 දෙනෙකු යාර 30 සීමාවෙන් පිට සිටිය හැක.තවද ස්පයිඩර් කැම් නැමති ක්‍රීඩා ගාරයට ඉහලින් ගමන් ගන්නා කැමරාවේ පන්දුවේ  ස්පර්ශ වුවහොත් එම පන්දුව අජීවී පන්දුවක් ලෙස නම් කෙරේ.   වර්ශාව බාධාවක් නොවී ග්‍රී ලංකා නවසීලන්ත පලමු එක්දින තරගය පැවත්වුන හොත් එම නීති මාලව පලමු වරට යොදා ගන්නා පලමු තරගය මෙම තරගය වෙයි.

අවසන් වරට ක්‍රීඩා කර ඇති තරග (ප්‍රථමයෙන් අවසන් වරට ක්‍රීඩා කළ තරගය)
ග්‍රී ලංකාව - LLLWL
නවසීලන්තය - LLWLL

ඇස යොමු කළ යුතු ක්‍රීඩකයින්
ජීවන් මෙන්ඩිස් - පසුගිය තරගාවලි වලදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ග්‍රී ලංකා කණ්ඩායමට ඉහල සේවයක් කල ජීවන් මෙන්ඩිස් සීමිත ඕවර තරග සදහා නැතුවම බැරි ක්‍රීඩකයෙකු ලෙස සදහන් කල හැකිය. පසුගිය ජූලි මස පැවැත්වූ ඉන්දියාව සමග එක්දින තරගාවලියේදී ලකුණු 45* සහ 72 ලබා ගත් මෙන්ඩිස් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට තමන්ගේ පා දග පන්දු පිතිකරුවන්ට යොමු කර ඇත.

නේතන් මැකලම් - පසුගියදා නිමාවට පත්වූ චැම්පියන්ස් ලීග් තරගාවලියේ ශූරයන් වූ සිඩ්නි සික්සස් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු වූ මැකලම් පළමු පන්දුවාර තුල විකට් ලබා ගත හැකි අසීරු  දග පන්දු යවන්නෙකි. තවද අසීරු අවස්ථාවල ඉක්මනින් ලකුණු කරා යා හැකි තුන් ඉරියව්වෙන්ම දක්ශතා ඇති ක්‍රීඩකයෙකි.

අනුමාන කණ්ඩායම් සංචිතය 

නවසීලන්ත  - 1 රොබ් නිකොල් 2. ටොම් ලේතම් 3. බ්‍රෙන්ඩන් මැකල්ම් 4. රොස් ටේලර් 5. කේන් විලියම්සන් 6. ජේම්ස් ෆ්රෑන්ක්ලින් 7. ජේකොබ් ඔරම් 8. නේතන් මැකලම් 9. කයිල් මිල්ස් 10. ටිම් සෞතී 11. රොනී හිරා

ග්‍රී ලංකාව - 1. තිලකරත්න  2. උපුල් තරංග 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. දිනේශ් චන්දිමාල්/ ලහිරු තිරිමාන්න 6. ඇන්ජලෝ මැතිවුස් 7. ජීවන් මෙන්ඩිස් 8. තිසර පෙරේරා 9. නුවන් කුලසේකර 10. රංගන හේරත්/ අකිල දනන්ජය 11. ලසිත් මාලින්ග

ඔබ දන්නවාද? 

*නවසීලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් වන අතර ඒ 2011 ලෝක කුසලානයේ පකිස්ථානය සමග තරගයකි. එම තරගය නවසීලන්ත කණ්ඩායම ලකුණු 110කින් ජයග්‍රහනය කර ඇත.

*පල්ලේකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වූ තරග 7න් තරග 4ක් පලමුව පන්දුවට පහර දීමෙන් ජයග්‍රහනය කර ඇත.


"  අපට ඉතාමත්ම හොද පන්දු යැවීමේ බලකායක් තිබෙනවා, තිසර පෙරේරා සහ තිලකරත්න දිල්ශාන් යන ක්‍රීඩකයන් මෑතකදී අපි යොදා නොගැනුනේ ඔවුන්වා අවස්ථානුකූලව යොදා ගැනීමටයි. ඔවුන් පිතිකරන අංශයෙන් කණ්ඩායමට ඉහල සහයෝගයක් ලබා දුන්නා, ඒ වගේමයි පන්දු රැකීමේ අංශයෙනුත්. එම නිසයි පසුගියදා නිමා වූ ප්‍රධාන තරගාවලියකදී අපි ඉදිරියෙන් සිටියේ , අපිට සියලුම අවස්ථා තිබෙනවා අපිට ඇත්තේ ඒවා අවස්ථානුකූලව යොදා ගැනීම පමණයි"      මහේල ජයවර්ධන. 

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger