Skip to main content

දඬුමොණරය බලගැන්වීම :: The Power of Dandumonara


මේ දක්වා අපි වෛමානික සූත්‍ර හී සඳහන් වන පරිදි හෙළ ඉතිහාසයේ දියුණු විද්‍යාවක් වූ ගුවන් යානා තාක්ෂණයේ හෙවත් විමාන නිර්මාණයේදී අනුගමනය කල ක්‍රියාවන් ලිපි මගින් ඉදිරිපත් කලා, සාකච්චා කලා. මෙම කොටසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ විමානයක් බලගැන්වීම හා විමානයක් පණගැන්වීමට බාවිතා කලා වූ බලයන් පිළිබදවයි. මෙහිදි වෛමානික ශාස්ත්‍රය තුල විමානයක් බලගැන්වීමට අවැසි බලයන් පිළිබදව අතීතයේ සිටි ගගන ඉංජිනේරුවන් අර්ථදැක්වූ ආකාරයන් තුනක් සඳහන් වේ.

Shaktayassapta - බලය ලැබෙන්නා වූ ප්‍රභවයන් හතකි.

වෛමානික ශාස්ත්‍රහී මෙම පරිච්ඡේදයෙන් කියැවෙන්නේ විමානයක් ක්‍රියාකරවීමට අවශ්‍ය බල පිළිබදවයි. විමානයක් ක්‍රියාත්මක වන්නේ එකිනෙකට වෙනස් වූ ප්‍රධාන බලයන් වර්ග හතකිනි. එවා1.      උද්ගාම2.     පන්ජාර3.     සූර්යශකත්‍යපකර්ශනී හෙවත් සුර්ය ශක්තිය අවශෝෂණය කරගන්නා බලය4.     පරශක්ත්‍යාකර්ශනී හෙවත් විරුද්ධ බලයන් අවශෝෂණය කරගන්නා බලය5.     දොලොස්විද  වූ සූර්ය ශක්තින්ගේ බලය6.    කුන්තනී ශක්තිය7.     සහ මූල ශක්ති හෙවත් ප්‍රාථමික බලයයි.
විමානයේ නිර්මිත ස්ථාන වල මෙම බලයන් නිකුත් කරන්නා වූ චාලක යන්ත්‍රයන් හෙවත් මොටර් ස්ථාපනය කල යුතු අතර එවා නිසි පරිදි විමානයේ ඇති රෝද හා ස්ප්‍රීන්ග් සමඟ කම්බි වලින් සම්බන්ධ කලයුතු වේ. යන්ත්‍ර සර්වාසයේ සඳහන් වන ආකාරයට මෙම බලයන් නිපදවීමට අවශ්‍ය චාලක යන්ත්‍ර හෙවත් මොටර් 7ක් තිබේ. එකිනෙකට අනන්‍ය සුවිශේෂි බලයන් උත්පාදනය කරන්නා වූ මෙම මොටර් 71.      තුන්දිල
2.     පන්ජාර
3.     අම්ශුප හෙවත් ශක්තිපා
4.     අපාකර්ශක
5.     සන්ධානික
6.    දර්පණික
7.     සහ ශක්තිප්‍රසවක


 නමින් හැදින්වේ.  මින් තුන්දිල මොටරය මගින් උද්ගාම බලය උත්පාදනය කරන අතර පන්ජර මගින් පන්ජර බලයද, ශක්තිපා මගින් සුර්ය ශක්තිය අවශෝෂණය කරගැනීමේ බලයද, අපකර්ශක මොටරය මගින් විරුද්ධ හෝ අන්‍ය යානා වල බලය උදුරාගැනීමද, සන්ධානික යන්ත්‍රය මගින් 12 විද වූ සුර්ය ශක්තීන් නිපදවීමද, දර්පණික යන්ත්‍රය මගින් කුන්තනී ශක්තිය නිපදවීම හා අවසාන වශයෙන් විමානය චලනයට, ගමන් කරවීමට අවශ්‍ය ප්‍රධාන බලය ශක්තිප්‍රසවක යන්ත්‍රය මගින්ද උත්පාදනය කරනු ලැබේ. ශෝව්නක සුත්‍රයේ සඳහන් පරිදි විමානයට අවශ්‍ය මෙම ශක්තින් නිපදවීමේ මූලික ප්‍රභවයන් 7කි. එනම් ගින්දර, පොළොව, වායුව, සුර්යා, චන්ද්‍රයා, ජලය හා අවකාශයයි. මෙම මගින් ගින්දරවල ඇති තාපශක්තිය, පොළොවේ ඇති ගුරුත්වාකර්ශනය වැනි ශක්තීන් අදහස් කලා විය හැකිය. මෙම මූලික බලයන් හත මෙලෙස විවිධ නම්වලින් හැදින් වෙන අතර සවුන්ධමනී-කාලයේ සදහන් වන පරදි


1.      ම ලෙස උද්ගාම බලයත්
2.     ල ලෙස පන්ජාර බලයත්
3.     ය ලෙස සුර්ය ශක්තිය අවශෝෂණය කරගැනිමේ බලයත්
4.     ර මගින් සුර්ය ශක්තින් දොළොසද
5.     ස මගින් අන්‍ය හෝ විරුද්ධ යානාවල ශක්තිය අවශෝෂනයේ බලයද
6.    ව මගින් කුන්තනී බලයද
7.     න මගින් විමානය චලනයට අවශ්‍ය මූලික බලය හෙවත් මූල ශක්තියද
නිරූපණය වන බව දක්වා ඇත ක්‍රියා-සාරයෙන් විවිධ බලයන්ගේ ක්‍රියාවලින් අර්ථදක්වා ඇත්තේ පහත පරිද්දෙනි. උද්ගාම ශක්තියේන් විමානය ඉහලට එසවීමත් පන්ජාර ශක්තිය මගින් විමානය පහලට ගෙන ඒමත් සිදුකරනු ලැබේ. විමානයේ ප්‍රධානම ශක්ති ප්‍රභවයක් වන සුර්ය ශක්තිය අවශෝෂණය කර ගැනීම සූර්යශකත්‍යපකර්ශනී බලයෙන්ද අන්‍ය හෝ විරුද්ධ යානාවල ශක්තිය බලය උදුරාගැනීම පරශක්ත්‍යාකර්ශනී බලයෙන්ද, විමානයේ විශිෂ්ඨ වූ චලන හැකියාව විද්යුත්-ද්වාධශික ශක්තිය මගින්ද සිදුවෙන අතර මෙම සියළු බලයන්ගෙන් සිදුවන්නා වූ ක්‍රියාවලිය මගින් විමානය ක්‍රියාත්මක වන බව සඳහන් වේ. ඉහතින් සඳහන් කලා වූ විමානයෙක ඇති විශිෂ්ඨ වූ චලන හැකියාවන් දොළොසකි. එලෙසම එම චලනයට අවශ්‍ය බලයන් ගණනද දොළොසකි. මෙම චලනයන් හා බලයන් නම්


1.      ක්‍රියාත්මක වීම
2.     සෙලවීම
3.     ඉහලට එසැවීම
4.     පහළට ගෙන ඒම
5.     භ්‍රමණය වීම
6.    වේගය වැඩිකරීම
7.     ප්‍රදක්ෂිණා කිරීම
8.     පැත්තට චලනය වීම
9.     පසුපසට නැඹුරුවීම
10. වාමාවෘත්ත චලනය
11.   චනලයක් නොමැතිව පවත්වා ගැනීම හා
12.  විවිධ වූ චලනය ඇතිකිරීම වේ.
 

Shaktayah-pancha :: විමානයක් බල ගැන්වීමට අවශ්‍ය බලයන් 5ක් පමණකි.
 
බෝධානන්ද විත්‍රියට අනුව විමානයක් බල ගැන්වීමට අවශ්‍ය බල වර්ග ලෙස දක්වන්නේ බල 5කි. මෙම බලයන් යන්ත්‍ර හෙවත් ඩයිනමෝ වලින් උත්පාදනය කරනු ලබන අතර එවා සධ්යෝජාත ලෙස හැඳින්වේ. මෙමගින් විමානයක් ක්‍රියාකරවීමට අවශ්‍ය සියළු බලයන් උත්පාදනය කරන බව සඳහන් වේ. මෙම බලයන්ට අනුව විමානයේ චලනයන් වර්ග 5ක් දක්වා ඇත.


1.      චාලන2.     ගාලන3.     පන්ජරප්‍රෙරණ4.     වක්‍රප්‍රසාරණ හා5.     විශිෂ්ඨ උපක්‍රම


ස්පොත්‍යානයන්ට අනුව මෙම විමානයේ විශිෂ්ඨ උපක්‍රමික චලනයන් ඇතිකිරීමට හේතුවන බලය චිත්‍රිනී ශක්ති ලෙස හැදින්වේ.
 
ශක්ති සාර්වස්වයට අනුව ස්පොත්‍යානයන් අත්දැකීම් හා විවිධ වූ විද්‍යාත්මක දැනුමෙන් චිත්‍රිනී ශක්තියෙන් පමණක්  යොදාගනිමින් විමානය විවිධ වූ ආකර 32කට චලනය කල හැකි බව අර්ථදක්වා ඇත. එලෙසම ක්‍රියා සාරයේ සදහන් වන පරිදි මෙම චලනයන් 32 ඇති කල හැක්කේ චිත්‍රිනී ශක්තියේ ඇති 17 වැනි ගුණය නිසාවෙනි.


 Tadantarbhaaavaat Saptaiveti :: විමානයක් බල ගැන්වීමට අවශ්‍ය වන්නේ බලයන් 7කි.

 
ඉහත සධ්යෝජාත යාන්ත්‍රනය මගින් උත්පාදනය කරන්නා වූ බලයන් 5න් වඩා වැදගත් ශක්තිය වන්නේ පන්ජාර ශක්තියයි. ගින්නකට ගිනි පුපුරු අයත්වන්නාක් මෙන් අනෙකුත් සියළු බලයන් එයට අයත්වේ. එම නිසාවෙන් විමානයේ චලනය සහ පියාසර කිරීමේ බලය පන්ජාර ශක්තිය මගින් සිදුවේ යැයි සැලකෙනු ලැබේ.
මේ අනුව දෙවන විමාන බල අර්ථදැක්වීමේ එන පංචබලයන් අතුරින් පන්ජාර ප්‍රධාන බලයක් වන අතර අනෙකුත් බලයන් හතර එහි අනුබල ලෙස බරද්වාජ ඍෂි විසින් අර්ථදක්වයි.
 
මෙලෙස අර්ථදැක්වීම් 3ක් ඇසුරෙන් විමානයක් බලගැන්වීම සෛද්ධාන්තිකව ප්‍රකාශ කර ඇති අතර මෙය ගැටළුකාරී බවක් පෙන්නුම් කලද මෙම සියළු අර්ථ දැක්වීම් වලින් පෙනී යන්නේ විමානයේ ඇති විවිධ වූ කොටස් ක්‍රියාත්මක කිරීමට තනි බල ප්‍රභවයක් යොදා නොගත් බවයි. මෙසේ අර්ථදක්වා තිබුණද අතීතයේ ප්‍රායෝගිකව විමාන නිර්මාණයේදී බොහෝ දුරට සප්තබලයන් යොදා ගනිමින් විමානයට චලන ආකාර 32ක් ලබා දිමේ ක්‍රමය සාර්ථක වු බවත් සදහන් වේ. මොකද විමානය යනු වර්තමානයේ ගුවන් යානා,ගගන යානා වලට පියවර 100 ගණනකින් ඉදිරියෙන් තිබුනා වූ තාක්ෂණික නිර්මාණයක් බැවිනි.


Comments

Anonymous said…
"වෛමානික සූත්‍ර" ???

අදමයි මං මේ බ්ලොග් එකට ආවේ. පුළුවන්නම් මට ඔය කියන සූත්‍ර කොහෙන්ද හොයා ගත්තේ කියල කියනවද? මටත් ආසයි ඒවා පරිශිලනය කරලා බලන්න. ඒ ගැන ටිකක් විස්තර කරනවද? ඒවා මොන භාෂාවෙන්ද ලියැවී ඇත්තේ?(පාලි/සංස්කෘත/නාගර/බ්‍රාහ්මී යන භෂාවන් නම් මමත් තරමක් දුරට ප්‍රගුණ කරලයි තියෙන්නේ) කොහෙන්ද සොයා ගැනුනේ?

කරුණාකර පහදා දෙන්න.

-රත්මල්ගම රතනපාල
Anonymous said…
මම මේ දැනගන්නයි අහන්නේ... ඔයා කොහෙන්ද ඕව හොයා ගත්තේ... අනික තමයි පොත් පත් වල තියෙන දේවල් හරියටම හරිද??.. මම ඔයාගෙ මේව ගැන ලියල තියෙන ඔක්කොම පෝස්ට් කියෙවුවා... මම දැනගන්න කැමතියි එකක් හරි හදලා බලලා තියෙනවද කියලා? ඒව වැඩ කිරනවද කියලා දැනගන්න කැමතියි....
Dasun said…
වෛමානික ශාස්ත්‍ර තමයි නියම නම. ගුගල් කරලා බලන්න. දැන් නම් පොත ගත්ත සබැඳිය නැහැ. මුල් කෘතිය තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්
Anonymous said…
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව. එසේම සංස්කෘත පරිශිලනයට මා ඉමහත් ඇල්මක් දක්වන හෙයින් මෙය අපූරු සෙවීමක් විය හැකියි. කරුණාකර මා මට එහි මුද්‍රිත පිටපතක් ලබා ගත හැකි ආකාරයක් දැනුම් දිය හැකිද? මක් නිසාද යත් අන්තර්ජාලයේ ඇති බොහෝ ඉපැරණි ලේකන ගැන මා හට විශ්වාසයක් නොමැති හෙයින්. ඒවා වැඩි හරියක් ඇත්තේ අර්ථය විකෘති කරන ලද ඒවා සහ ඇතමුන් විසින් නිර්මාණය කල ඒවා වන බැවිනි. එහෙයින් හැදෑරීම පිණිස එවැන්නක් සොයා ගැනීමේදී අතුරුජාලය එතරම් විස්වාසදායි නොවන බව ලිපි ලේඛණ රැසක් පරිහරණයෙන් පසුව මා ලද පෞද්ගලික අත්දැකීමයි.

ලංකාවේ හෝ වේවා, ඉන්දියාවේ හෝ වේවා මෙය ලබාගත් හැකි තැනක් හරියාකාරව ඔබ දන්නෙහිද?
Dasun said…
ඇමේසන් වල බලන්න. සංස්කෘත භාෂාවෙන් හා ඉංග්‍රිසි භාෂා යන දෙකෙන්ම ගන්න පුළුවන්.
හ්ම්...ආසාවෙන් කියවනවා
Janith Perera said…
post එක නම් හොදයි, මම මේ blog එකේ තියන හුගක් මීට සමාන ලිපි කියෙව්වා. සමහර දේවල් මග හැරෙන්නත් ඇති. කණගාටුවෙන් උනත් කිවයුත්තේ පිළිතුරු වලට වැඩ ප්‍රශ්න ඇති බවයි. අපි කවුරුත් වැඩිය නොදන්නා ඉතිහාසය තුල සිංහලයන් විශේෂ තැනක් ගත් බව ඇත්ත උනත්, ලෝකයේ සැගවී ගිය ඉදිකිරිම හා සිදුවීම් වලට සිංහලයන් පමණක් මුලික කරගෙන සිදුවුණා කියන එක සාදාරන නැත. තව කාරණයක් වන්නේ, ගුවන් යන සහ බිහිසුණු අවි අයුද එකවර සොයාගැනීම හා නැතිවීයමයි. මගේ මතය නම්, (මගේ පමණක්ම නෙවෙයි) මෙවන් තාක්ෂණයක් අපිට තවත් පාර්ශවයකින් ලැබුන බවයි. එය නිපදවූ තාක්ෂනය අපි නොදන්නා නිසා ඒවා ඉතිහාසයෙන් නැති ගියා විය හැක. (Ancient Alience වැඩසටහන් මාලාව බැලීම යෝග්‍ය වේ)
වැදගත් ලිපියක්
Anonymous said…
වෛමානික ශාස්ත්‍ර කියන පොත විතරද දැනට මේ සම්බන්ධව තියෙන එකම පොත?? මම ගොඩක් මේ ගැන හෙවුව... හැම සයිට් එකකම වගේ තියෙන්නෙ විමාන ගැනයි රසදිය පාවිච්චි කරා කියන එක ගැනයි ලෝහ වර්ග ගැනයි... එහෙම නැතුව මේක හරියටම හදන විදිය ගැන පොත් නැද්ද?? උදාහරණයකට ගත්තොත් රසදිය එන්ජිම හදන විදිය... වගේ කරුණු
Anonymous said…
රාවණ රජු ගැන දැනගන්න නියම තැන වරගපුර්නිකාව

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ඉසුරු මුණ

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම්

kuveni කුවේණි