Skip to main content

යකුන් එළවීමට බුදුන් වහන්සේ දේශනා කල - සිරිදෙසුම.



අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන් අතර වඩාත් ප්‍රසිද්ධව ඇත. අද අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනේ ඔබ වෙත ගෙන එන්නේ බුදුන් වහන්සේ මහියංගනයේදී යකුන් එළවීමට දේශනා කලා යැයි සැලකෙන සිරි දෙසුමයි.


මෙම සිරි දෙසුම හෙළහවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ, සක්විති රාවණ වැනි නාට්‍ය වලින්, ඉරහඳ නැගි රට යන කෘති වලින් සැබෑ හෙළ ඉතිහාසය සෙවීමට, සමාජයට හෙළි කිරීමට උත්සහ දැරී කලාශූරී අරිසෙන් අහබුදු ශූරීන් විසින් සරල සිංහලයට පර්වර්තනය කරන ලද්දක් වන අතර මෙම ලිපිය එම සිරිදෙසුම ආශ්‍රිතයෙනි.
සිරි දෙසුමෙහි සිරි යන්නෙන් තිලෝගුරු බුදු රජානන් වහන්සේ හැදින්වෙන් මහියංගනය විහාරස්ථානයේ නායක හිමියන් මෑතකදී දේශනා කල ධර්ම සාකච්චාවක මම ඇසුවෙමි. ඒ අනුව සිරිමහා බෝධිය, සිරිපතුර යන ස්ථානවලටද සිරි යන්න එකතු වී ඇත්තේ එ නිසාවෙන් බවත් මම විශ්වාස කරමි.
සිරි දෙසුම, ලිහිල් හෙළ බසින් මෙසේය.
අප ඉදිරියේ රැස්ව සිටින්නා වූ සියළු පින්වත් ජනයෙනි,
 මා මෙහි පැමිණිමට හේතුව ඔබ තුල මෛත්‍රීය පහල කරවීමයි. ඒ මෛත්‍රීය ඔබගේ හදවත් තුලද පවත්වා ගත හොත්, දේශනා කරනු ලබන මාගේ ධර්මය ඔබ සැම නිවන් මගට යොමු කරනු නිසැකය.

පින්වතුනි, පින්වතියනි, කුඩා දරුවෙනි,
මා විසින් දේශනා කරනු ලබන මෙම ධර්මය, ඔබගේ නුවණ මෙහෙයවා, හොඳින් විමසා බලා, ඉන් අනතුරුව පමණක් පිළිගන්න.

කිසිම සත්වයකු උපතින්ම හොඳ හෝ නරක හෝ වන්නේ නැහැ. කෙනෙකු, හොඳ හෝ නරක හෝ වන්නේ තම තමන් විසින් කරනු ලබන ක්‍රියාවන්ගේ ස්වභාවය අනුව පමණයි. කිසිම කෙනෙකු මුළුමනින්ම නරක අයෙකු වන්නේත් නැහැ. ඔබ හැමගෙන් යම් කෙනෙකු, හොඳ හෝ නරක හෝ වනවා නම්, වන්නේ ඔබ විසින් කරනු ලබන ක්‍රියාවන් නිසාවේ.

මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගත හැක්කේ ඉතා අමාරුවෙනි. එය අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ සංසාරයේ සැරි සරමින්, නැඟ නැඟ ලැබූ ප්‍රතිඵලයකි. මෙම සසර ගමනේදී ක්ෂුද්‍ර ප්‍රාණියෙකුගේ තත්වයේ සිටින සත්වයෙකුට, කුහුඹුවෙකුගේ තරම වන තෙක් වර්ධනය වීමට වුවද ගතවන කාලය අනන්තයි. අප්‍රමාණයි. එතැන් සිට ගැඩවිල් පණුවෙකු තරමට වර්ධනය වීමට ගතවන කාලය අනන්තයි. අප්‍රමාණයි. ඒ ආකාරයෙන් පත්තෑ ගණයේ සිට උරග ගණය, කුරුල්ලන් පසුකරමින්, ක්ෂිරපායී සත්ව ගණය තෙක් දියුණුවීම දක්වා ගතවන කාලය මෙතෙකැයි තීරණය කරන්නට කිසිම කෙනෙකුට හැකි වේයිද? එපමණක් නොවේ එතැන් සිට මිනිසෙකුගේ තත්වය තෙක් දියුණු වීමට, ඉහතින් සඳහන් කල කාලය මෙන් සියක් ගුණයක් ගතවෙනවා විය හැකියි.

එවැනි දුෂ්කරතා මැදින් ලබාගත් මිනිසත් බව, සත්වයා තුල පවතින මොහයේ හේතුවෙන්, අනපේක්ෂිත ආකරයෙන් එක් මොහොතකින්ම ක්ෂුද්‍රපාණියෙකුගේ තත්වයට පහත වැටෙන්නටද පුළුවන්. ඒ සිදුවන්නේ කෙසේදැයි කියතහොත්, හණිමගක් දිගේ ඉහලට නගින කෙනෙකු එහි මුදුන් හිණි පෙත්තට නැග සිටියදී, පියවර වැරදී ගියහොත්, හිණි පාමුලටම යලිත් ඇද වැටෙන් ආකාරයටයි. කෙනෙකු ඒ ආකාරයෙන් සංසාරයේ පහළ තත්වයකට ඇද වැටුණහොත්, ඔහුට තමා සිටි තැන තෙක් දියුණු වීමට යලිත් කොතරම් කාලයක් ගත වේද? ඇත්තෙන්ම එය අනන්ත අප්‍රමාණ කාලයක් වනු නොඅනුමානයි.

එවැනි ඇද වැටීමක් සිදුවන්නේ කුමන කර්මයක් හේතු කොටගෙනද?
·        පරපණ නැසීම
·        අන්සතු ධනය සොරසිතින් ගැනීම
·        රහසේ නීතියට පටහැනිව කාමයෙහි වරදවා හැසිරීම
·        මුසාබස් බිණිම
·        සුරාපානය

යන පස්පව් හේතු කොටගෙනයි. ඉහත කී පස්පව් කිරීම හෝ නොකිරීම හෝ සත්වයා විසින් කරනු ලබන එක් ක්‍රියාවක් වෙනවා. එම ක්‍රියාවල ප්‍රතිඵල ලැබීමද, ඒ අනුව හොඳ හෝ නරක හෝ වශයෙන් වෙනස් වෙනවා.

එසේ වුවත් මේ සංසාර ගමනදේ පාප කර්ම නොකර සිටීම පමණක් සධාතනික සැප ලැබීමට හේතුවන්නේ නැහැ. ඔබ අතුරින් කෙනෙකු කොයි මොහොතේ පහලට ඇද වැටේවිදැයි කාට නම් කිව හැකිද? එය කිව හැකි කිසිම සත්වකේ නැහැ. එයින් පෙනී යන්නේ සසරේ මුළුමනින්ම දුක්සහිත බවයි. සැපක් නැති බවයි. ඒ නිසා සැප යනු මේ දුක නැසීමයි. සංසාරේ නැවත නැවතත් ඉපදීම දුකයි. එයට හේතුව කිමෙක්ද? තණ්හාවයි. ඒ නිසා තණ්හාව නැසීම ඉපදීම නැසීමට හේතු වෙනවා.

ඒ සඳහා ඇත්තේ එකම මාර්ගයයි. සංසාරයේ පවතින දුක මෙනෙහි කොට තණ්හාව නසන්න. එවිට ඔබ සෝවාන් ඵලය ලබනවා. අන්‍යන් හා අනස්තු ධනය කෙරෙහි ඔබතුල හටගන්න තෘෂ්නාව නැති කොටගත් කල, ඔබ ලැබූ සෝවාන් ඵලය තහවුරු වෙනවා. තමා කෙරෙහි තන්හාව  නසා දැමීමේ භාවනවා පුහුණු කරගත් පසු ඔබ සකෘදාගාමි ඵලය ලබනවා. අකුණු එළි ආකරයෙන් වරින් වර තණ්හාව ඔබ සිත තුල මතුව ආවත් ඔබ ලබාගත් ඵලය ස්ථීරයි. එසේ විටින් විට පහළ වන අකුණු එළි තණ්හාවද නැසූ කල, ඔබ අනාගාමි ඵලය ලබනවා. ඉන් පසු ඔබ තුල තණ්හාව මුළුමනින්ම නැතිව ගොස් එම ඵලයද තහවුරු වෙනවා. ඉන් එහා ඔබට ලැබෙනවා රහත් පදවිය හෙවත් රහත් බව. සදාතනික සැපත ඇති නිවන් අවබෝධ වීම නිසා ඒ රහත් බව ස්ථිරයයි.

ඉන් පසු කිසිදාක, ඔබ සංසාරයේ පහත වැටීමකට ගොදුරු වන්නේ නැත. එය ලෝකොත්තර තත්වයක්. ඒ තත්වයට පත්වූ අය පමණක් එම සැපත හදුනනවා. ඔබ ලබා ඇති මිනිසත් බව ආරක්ෂා කරගැනීමට නම්, හැමදා හැම මොහොතේම මෛත්‍රී භාවනාවෙන් කල් ගෙවන්න. අන්‍ය සත්වයන් විෂයයෙහි දන් දෙන්න. මා පෙන්වූ මෙම මාර්ගය අනුගමන කිරීමෙන් ඔබ සැම නිවන් සුව ලබත්වා....!

මෙම ධර්ම දේශනාව යකුන්ට දේශනා කරන ලද්දක්ද?  මහවැලි ගඟ අසබඩ පිහිට මහියංගනයේදී දේශනා කල ධර්මයෙන් මේ හෙළ වන්නේ රෝහිණි නදියේ ජලය බෙදා ගැනීමට ශාක්‍ය හා කොලිය වංශයන් සිටියේ මහවැලි ගඟ දෙපස බවද?  ජීවීන් මෙලෝව ඇති වූ ආකරය පිළිබදව බුදු දහමේ සඳහන් වන ආකාරයද?

ඔබගේ නුවණ මෙහෙයවා, හොඳින් විමසා බලා, ඉන් අනතුරුව තීරණය කරත්වා...!

Comments

වැදගත් ලිපියක් ....
$worD£isH said…
මේක යක්කු එළවන්න නෙවෙයි දේශනා කරලා තියෙන්නෙ.බුදුවරු මොකටද මිනිස්සුන්ව බයකරන්නෙ :)
Manasindiviyata said…
හොඳ සටහනක්
http://manasindiviyata.blogspot.com/
දසුන්,

මොකද අළුත් දේවල් නැත්තේ. මේ පැත්තෙ ආවෙ කාලෙකට පස්සේ. ඒ පුරුක නැතුවයි.
Anonymous said…
සියළු ලෝ සතුනට අනුපමේය වූ මහා කරුණාවෙන් දයාවෙන් යුතු වූ තථාගතයන් වහන්සේ.. කිසි විටෙක කිසෙවෙකු එලවන්නේ නැත.. පුරුස ධම්ම සාරථි ගුණයෙන් යුතු උන්වහසේට කිසිවෙකු බිය පත් කොට එලවීමට අවශ්‍යතාවයක් ද නැත

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ඉසුරු මුණ

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම්

kuveni කුවේණි