Saturday, August 22, 2015

මැතිව්ස් හයවැනි ටෙස්ට් ශතක කොඩිය දමයි

5:54 PM


අවිනිශ්චිත ශ්‍රී ලංකා ඉණිමට විශ්වාසයක් කැඳවාගෙන එමින් සිය ටෙස්ට් දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක සහ තුන් අංශයෙන්ම දස්කම් දක්වන ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා. ඉන්දියාවට එරෙහිව කොළඹ පී.සරවනමුත්තු පිටියේ පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ ප්‍රථම ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306 කට සියළුම ක්‍රීඩකයන් දැවීගියා. මැතිව්ස්ට අනගි සහයක් ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත ටෙස්ට් බලාපොරොත්තුව ළහිරු තිරිමාන්න හතරේ පහර 5 ක් සමග ලකුණු 62 ක් ද, ආරම්භක පිතිකරු කෞශාල් සිල්වා හතරේ පහර 8 ක් සමගින් ලකුණු 51 ක්ද ලබාගැනීමට සමත්විය.

   කුමාර සංගක්කාරගේ ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරඟය මෙය බැවින් තීරණාත්මක භූමිකාවකට පණ පොවන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මුල් ඉනිමේදී ලකුණු 393 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම මේ වනවිට දෙව ඉනිමේ 1 කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61 ලබාගෙන සටන්කාමී තත්වයක පසුවේ. නොදැවී ක්‍රීඩාකරණ මුරලි විජේ ලකුණු 35ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 21 ක් ද ලබාගනිමින් පිටියේ රැඳී සිටිති.
  දෙවන ඉනිමේ ඉන්දීය කණ්ඩායමේ දැවීගිය එකම කඩුල්ලවන ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්වුනේ ලකුණු පුවරුව 3 ක් ව තිබියදීය. නමුත් මේවනවිට දෙවන කඩුල්ලට සාර්ථක ලකුණු 58 ක සබඳතාවක් සමගින් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 150 ක් ඉදිරියෙන් සිටී. හෙට තරඟයේ සිව්වැනි දිනයයි.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by