නොනිම් හදගැස්ම

Share

උන්මාද වූ ප්‍රේමාන්දරවල

ආලවන්තකම් සිඳී ගිය

පෙරුම්දම් පිරූ නොපිරූ

පරාජිත නේත්‍ර අභියස

ලවනතේ මුකුලිත ව ගිය…

විරාමයක් නොලද,

ලැවැන්ඩරා මල් පොකුරක

පෙති මත තැවරූ

ප්‍රහර්ෂයක ඇරඹුම,

විටෙක විරහවකට ද,

මං පෙත් විවර කරන්නට

වෙර දරන

හුදෙක් හිස් අරුත් පිරි

පරිච්ඡේදයකට මුලපුරන

අප්‍රකාශිත ආදරය!

ඇතැමෙක්,

තිතකින් සමාප්තියක් දුටුව ද

තවකෙකුට එය,

“මතු සම්බන්ධිතයි!”

 

 

Written By: Hasandi Dilara

Image link: https://bit.ly/3o1VXnP

 

 
Tagged : / /