Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ව්‍යාපාරික සැලසුම් නිර්මාණය කිරීමේ වැඩසටහන, ගාල්ල දිස්ත්‍රික්කය,දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10.24

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙහෙයවනු ලබන Mission Inclusion ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ජිවනෝපාය නගා සිටුවීම සඳහා තෝරා ගත් රස කැවිලි නිෂ්පාදනය, කරවල විකිණීම, සත්ත්ව පාලනය යෙදෙන ගෘහමූලික කාන්තාවන්ගේ තොරතුරුවල සත්‍ය, අසත්‍ය සහතික කර ගත් කාන්තාන් සඳහා තම රැකියාව නිසි පරිදි සංවිධානය කර ගන්නේ කෙසේ ද, නිසි පරිදි සැලසුම් කර ගන්නේ කෙසේ ද, යන්න සම්බන්ධයෙන් ව්‍යාපාරික සැලසුම් නිර්මාණය කිරීමේ වැඩසටහන 2021 ඔක්තෝම්බර් මස 24 වන ඉරුදින ගාල්ල දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දී සිදු  විය. 

එම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද සාමය සහ තිරසර සංවර්ධනය සඳහා වු ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද සම්පත්දායකත්වයෙන් සෙපේ ආයතනයේ ජේ.කන්නන් මහතා ද, දකුණේ ධිවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා ද නදීකා හේමමාලි මහත්මිය ද චන්න සිල්වා මහතා යන මහත් මහත්මීන් සමබන්ධ වූහ.