මල්ලිකාගේ හැඩැති සිරුර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 24, 2021

මල්ලිකාගේ හැඩැති සිරුර

කලක් බොලිවුඩ් සරාගිනියක ලෙස රසික හදවත් දිනූ මල්ලිකා ෂෙරාවත් අද (24) 45 වැනි උපන් දිනය සමරයි. උපන් දිනය සමරමින් ඇය ඇගේ හැඩැති සිරුරේ ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

'බලන්න මා කොතරම් නිරෝගීව සහ සුන්දරව හැඩැති සිරුරක් පවත්වාගෙන යනවාද? මට පුළුවන් නම් ඔයාලා හැමෝටම පුළුවන්. ලස්සනට ඉන්න වයස ප්‍රශ්නයක් නැහැ' යැයි මල්ලිකා පවසා ඇත. ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධියට පත් කළ එම ඡායාරූපයේ මල්ලිකා සිටින්නේ කහ පැහැති බිකීනියකින් සැරැසීය. 

මල්ලිකාගේ රසික රසිකාවියන් පමණක් නොව බොලිවුඩ් නළි නිළියන් ද බොහෝ දෙනකු ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයට සුබ පතමින් පණිවුඩ එවා ඇත. මල්ලිකා ඇගේ බොලිවුඩ් ගමන ඇරැඹුවේ 'ජීනා සිර්ෆ් මේරි ලියේ' චිත්‍රපටයෙනි. මෙය තිරගත වූයේ 2002 වසරේදීය. 

කෙසේ නමුත් මල්ලිකා සරාගිනියක ලෙස අතිශය ජනප්‍රිය වූයේ ඉන් වසර දෙකකට පසු තිරගත වුණු 'මර්ඩර්' චිත්‍රපටයෙනි. මල්ලිකා ජාත්‍යන්තරයට ද ගිය නිළියකි. ඇය ජැකි චෑන් සමඟ 'ද මිත්' චිත්‍රපටයට රංගනයෙන් එක් වූවාය. ඒ, 2005 වසරේදීය. ඉන්පසු 2011 වසරේ දී 'පොලිටික්ස් ඔෆ් ලව්' චිත්‍රපටයේ රඟපෑවාය. 'බූ සබ්කී පටේගී' නමැති හින්දි වෙබ් කතා මාලාවට ද මල්ලිකා රංගනයෙන් දායක වී ඇත.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom