Home Sinhala එංගලන්ත දඟයන් කොදෙව්වන් විනාශ කරයි

එංගලන්ත දඟයන් කොදෙව්වන් විනාශ කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

183

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර අද (23) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුනා. 

මෙම තරගය කාටත් වැදගත් වූයේ මේ වන විට විස්සයි විස්ස පිටියේ අංක 1ට ශ්‍රේණිගතව සිටින එංගලන්තය සහ නිමා වූ ආසන්නතම විස්සයි විස්ස ලෝක කුසලානයේ (2016) ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මෙම තරගය පැවති නිසා.

කෙසේ වෙතත් තරගය නිමා වූයේ කිසිදු තරගකාරීත්වයකින් තොරවයි. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කොදෙව්වන්ට ආරාධනා කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම :

Kieron Pollard (නායක), Lendl Simmons, Evin Lewis, Chris Gayle, Shimron Hetmyer, Dwayne Bravo, Nicholas Pooran (කඩුලු රකින්නා) , Andre Russell, Akeal Hosein, Obed McCoy, Ravi Rampaul.

එංගලන්ත කණ්ඩායම :

Eoin Morgan (නායක), Jason Roy, Jos Buttler (කඩුලු රකින්නා), Jonny Bairstow, Dawid Malan, Liam Livingstone, Moeen Ali, Chris Woakes, Chris Jordan, Adil Rashid, Tymal Mills.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට. ඔවුන්ගේ ඉනිම ලකුණු 55කට සීමා වුනා. කොදෙව් ඉනිමේ විනාශයේ පෙර ගමන්කරුවන් වූයේ එංගලන්ත කණ්ඩායමේ දඟපන්දු යැවූ Moeen Ali සහ Adil Rashid. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 38ක දී ලකුණු 19ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගත්තා.

අද තරගයට කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් සිව්දෙනෙක්ම ක්‍රීඩා කළ ද, ඔවුන්ට කඩා වැටෙන තම ඉනිම ගොඩ ගැනීමට හැකි වූයේ නැහැ.

කොදෙව්වන් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් වාර්තා කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාවේ දෙවැනි තැනට පත් ඉනිම වූ අතර කොදෙව්වන්ගේ ලැයිස්තුවේ ද දෙවැනි තැන ගත් ලකුණු සංඛ්‍යාව වුනා.

ඒ අතරින් යම් තරමකින් හෝ හිස ඔසවා ගෙන එංගලන්තයට මුහුණ දීමට සමත් වූයේ Chris Gayle පමණයි. ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 13ක් රැස් කරගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යා වෙත යෑමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ.

කොදෙව් ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ තෙවැනි කඩුල්ලට Chris Gayle සහ Shimron Hetmyer (9) රැස් කළ ලකුණු 18යි. අනෙක් කිසිදු කඩුල්ලක ද ලකුණු සබඳතාව ඉලක්කම් දෙක පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ.

පන්දු යැවීමේ දී පන්දු 14ක් පමණක් යැවූ Adil Rashid ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ පන්දු යැවීමේ ඉහළම දක්ෂතාවයි. ඊට අමතරව Moeen Ali සහ Tymal Mills කඩුලු 2 බැගින් දවා ගත් අතර Chris Woakes සහ Chris Jordan අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

පහසු හඹා යෑමේ ඉලක්කයක ඉදිරියේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ Jason Roy සහ Jos Buttler. ඉලක්කය ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වුව ද කොදෙව්වන් ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සාහ කළා. ඒ අනුව එංගලන්තයේ පළමු කඩුල්ල සිව්වැනි පන්දුවාරයේ දී දවා ගැනීමට ඔවුන් සමත් වුනා. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 21ක් වෙද්දී.

Jason Roy ලකුණු 11කට දැවී ගියේ Ravi Rampaulගේ පන්දුවකට Chris Gayle අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ වන විට ඔහු පන්දු 10කට මුහුණ දී හයේ පහරක් ද සමඟ ලකුණු 11ක් රැස් කරගෙන සිටියා. එතැන් සිට සිව්වැනි කඩුල්ල ද දැවී යන විට කොදෙව්වන්ගේ මේ ග්‍රහණය තව තවත් වැඩි වූ බවක් පෙනුණා.

ඔවුන් පන්දු 18ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 18ක් පමණක් ලබා දෙමින්. ඒ වන විට එංගලන්ත ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 39ක් ලෙසයි.

එතැන් සිට ක්‍රියාත්මක වූ ආරම්භක පිතිකරු Jos Buttler සහ නායක Eoin Morgan තරගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට සමත් වුනා. ඒ වන විට Jos Buttler පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් සහ Eoin Morgan පන්දු 7කට මුහුණ දී හතරේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 7ක් රැස් කරගෙන සිටියා.

තරගය නිමා වූයේ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 70ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ලබා ගැනීමට එංගලන්තය සමත් වීමත් සමඟින්.

කඩුලු දවා ගැනීමේ දී Akeal Hosein ලකුණු 24කට කඩුලු 2ක් සහ Ravi Rampaul එක් කඩුල්ලක් දවා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් – සියලුම දෙනා දැවී 55 (14.2): Chris Gayle 13, Moeen Ali 2/17, Tymal Mills 2/17, Adil Rashid 4/02. 

එංගලන්තය – කඩුලු 4ක් දැවී 56 (8.2): Jos Buttler  නොදැවී 24, Akeal Hosein 2/24.

තරගයේ වීරයා : Moeen Ali (එංගලන්තය)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


England
56/4 (8.2)

West Indies
55/10 (14.2)

Batsmen R B 4s 6s SR
Lendl Simmons c Liam Livingstone b Moeen Ali 3 7 0 0 42.86
Evin Lewis c Moeen Ali b Chris Woakes 6 5 0 1 120.00
Chris Gayle c Dawid Malan b Tymal Mills 13 13 3 0 100.00
Shimron Hetmyer c Eoin Morgan b Moeen Ali 9 9 2 0 100.00
Dwayne Bravo c Jonny Bairstow b Chris Jordan 5 5 1 0 100.00
Nicholas Pooran c Jos Buttler b Tymal Mills 1 9 0 0 11.11
Kieron Pollard c Jonny Bairstow b Adil Rashid 6 14 0 0 42.86
Andre Russell b Adil Rashid 0 2 0 0 0.00
Akeal Hosein b 6 13 0 0 46.15
Obed McCoy c Jason Roy b Adil Rashid 0 1 0 0 0.00
Ravi Rampaul b Adil Rashid 3 8 0 0 37.50


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 55/10 (14.2 Overs, RR: 3.84)
Fall of Wickets 1-8 (1.3) Evin Lewis, 2-9 (2.2) Lendl Simmons, 3-27 (4.4) Shimron Hetmyer, 4-31 (5.6) Chris Gayle, 5-37 (7.2) Dwayne Bravo, 6-42 (8.5) Nicholas Pooran, 7-44 (10.1) Andre Russell, 8-49 (12.1) Kieron Pollard, 9-49 (12.2) Obed McCoy, 10-55 (14.2) Ravi Rampaul,

Bowling O M R W Econ
Moeen Ali 4 1 17 2 4.25
Chris Woakes 2 0 12 1 6.00
Tymal Mills 4 0 17 2 4.25
Chris Jordan 2 0 7 1 3.50
Adil Rashid 2.2 0 2 4 0.91


Batsmen R B 4s 6s SR
Jason Roy c Chris Gayle b Ravi Rampaul 11 10 0 1 110.00
Jos Buttler b 24 22 3 0 109.09
Jonny Bairstow c & b Akeal Hosein 9 6 2 0 150.00
Moeen Ali run out (Evin Lewis) 3 4 0 0 75.00
Liam Livingstone c & b Akeal Hosein 1 2 0 0 50.00
Eoin Morgan b 7 7 1 0 100.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 56/4 (8.2 Overs, RR: 6.72)
Fall of Wickets 1-21 (3.1) Jason Roy, 2-30 (4.1) Jonny Bairstow, 3-36 (5.2) Moeen Ali, 4-39 (6.1) Liam Livingstone,

Bowling O M R W Econ
Akeal Hosein 4 0 24 2 6.00
Ravi Rampaul 2 0 14 1 7.00
Obed McCoy 2 0 12 0 6.00
Kieron Pollard 0.2 0 6 0 30.00