Tuesday, June 2, 2020

|ජනතාව විසින් පොදු සතුරාව හදුනාගැනීම |අපි ලෑස්ති ද? 


ඇමරිකාවේ මේ වෙද්දි කරදර දෙකක පැටලිලා. එකක් කොරෝනා වෛරසය. අනික් පැත්තෙන් වර්ණවාදයට එරෙහි ජනතා විරෝධය. මේ සිද්ධි දෙකේදිම ඇමරිකානු රජය ෆේල්. නැවත නැවතත් මිනිස්සු විසින් සිය රටේ ජනාධිපතිවරයා වෙච්ච ට්‍රම්ප්ව එපා කියන තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙන බව පුවත් වලින් හෙළි වෙනව.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් 'කළු වාර්ගිකයාව' ඩෙරෙක් චාවින් නම් 'සුදු පොලිස් කාරයා' අතින් මරණයට පත්වීමත් සමග ඇමරිකාව පුරා විශේෂයෙන් කළු සහ සුළු වාර්ගිකයන්ට එරෙහිව පොලිස්  මර්දනයට විරෝධය පාමින් කැරලි කෝලාහල උත්සන්න වෙන්න අරන් තියන බවත් ඔබ දන්නවා ඇති. ඒ කැරලි මේ වෙනකොට රටපුරා පොලිස් ස්ථාන සහ කඩ සාප්පු ගිනිබත් කිරීම දක්වා උණුසුම් වෙමින් කුඩා යුද්ධයක් බවට පෙරලෙමින් ඇති බව අලුත් වාර්තා වලින් අපිට පෙන්වනවා. නමුත් මෙවර විශේෂත්වය නම් වෙන කවරදාටවත් වඩා වැඩියෙන් මෙම සුළු සහ කළු වාර්ගික හිංසනයට එරෙහිව අති විශාල ප්‍රමාණයෙන් සුදු ජනතාව ද මෙම කළු ජනතාව ගේ විරෝධතා පෙළපාලි වලට සහයෝගය දෙන්නට ඉදිරිපත් වෙමින් තිබීමයි. මේ සියල්ලක්ම සිද්ධ වෙන්නෙ කුඩුකාර, බඩුකාර, සල්ලාල යැයි සමාජ සම්මතයක විතැන් වුන "ඇමරිකානු කල්ලොන්ගෙ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න. ෆ්ලොයිඩ්ගෙ අයිතිය වෙනුවෙන් කතා කරපු මිනිස්සු දැන් එතනින් වෙනස් වෙලා වර්ණවාදය පමණක්ම නෙමෙයි; විරෝධතාවයකට සම්බන්ධ වුන සුදු ජාතික කාන්තාවක් පොලිස් නිලධාරියකුගේ වරදින බිම වැටී තුවාල වුන නිසා "කාන්තා හිංසනය" වෙනුවෙනුත් කතා කරන්න පටන් අරගෙන.

ඇමරිකාවෙ වගේම හැමරටකම ජාතිවාදය, වර්ගවාදය පවතිනව. අපිට අත්දැකීම් තියෙන මේ පුංචි රට ඇතුළෙත් ජාතිවාදය මොනතරම් දුරට පවතිනවද කියන එක ඔබ දන්නවා. ලංකාව ඇතුළෙ අපි නිතරම විරෝධය පළ කරන්නෙ අනෙකාට එරෙහිව. අපි විතරක් නෙමෙයි හැම රටකම සමාජය විසින් පොදු හතුරාව හඳුනානොගෙන අසාර්ථක වෑයමක් දරමින් ඉන්නවා; ජාතිවාදය, වර්ගවාදය රටවල් වලින් තුරන් කරන්න. නමුත් මේ වර්ගවාදය කියන කාරණය ා විසින් ඇති කරන ලද්දක් ද කියන එක ගැන පොදු මතයක් අපිට නැහැ. අපි නිතරම උත්සාහ ගන්නෙ "අනෙකා තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමට සහ නිර්මාණය වීමෙන් පසුව අනෙකාව පිටු දකින්න". කිසිම විටෙක ජාතිවාදය, ආගම්වාදය, වර්ණවාදය තුළ ඇති දේශපාලනික ස්වබාවයන් කතා කරන්න පෙළබෙන්නෙ නැහැ. ජාතිවාදියා සැබෑ වශයෙන්ම ප්‍රශ්නය තුරන් කිරීම වෙනුවට ප්‍රශ්නය පවත්වාගෙන යන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කරනව. ඇමරිකානු පුරවැසියා විසින් දැන් ඇගිල්ල දික් කරන්නෙ සුද්දටවත් කල්ලටවත් නෙමෙයි. දෙගොල්ලොම එකතුවෙලා තමන් විසින්ම පත් කරගත්ත ආණ්ඩුව ඇතුළ රාජ්‍යතන්ත්‍රය ප්‍රශ්න කරනව.
    
ඇමරිකාවේ කාලයක් තිස්සෙ පවතින වර්ණවාදය හෙවත් සුද්දෝ සහ කල්ලෝ එහෙමත් නැත්තං ආර්ය අනාර්ය ප්‍රශ්නය අද වෙද්දි සමාජයේ යම් අරගලකාරී තැනකට ඇවිත්. මේ ප්‍රශ්නයට සංවේදී වෙන්න පාලන අධිකාරියේ නිලධරයන්, නිලධරයන්ට සම්බන්ධ පවුල් වල අය පමණක් නෙමේ ෆ්ලොයිඩ්ව දණ්ඩණයට ලක් කරල මරණයට පත්කළ ඩෙරෙක් කියන සුදු ජාතික පොලිස්කාරයාගේ බිරිඳ පවා මේ සටන එක්ක එකතු වෙලා. ට්‍රම්ප් හංගල පොලිස් නිලධාරීන් දැන් විරෝධතා කරුවන් ඉදිරියෙ දෙකට නැමෙනව. අපේ සමාජය විසින් එය උත්කර්ෂවත් කරනව. මම හිතන්නෙ මේ "සිද්ධි වල පමණක්" සමථයක් ගැන රජය විසින් බලාපොරොත්තු තියාගෙන ඉන්නව. නමුත් අපි දන්න පුවත් වලට අනුව ට්‍රම්ප් කියන්නෙ භේදයට ඉතා කැමති කෙනෙක්. එයා ඇතුළෙ ප්‍රශ්නය නිරාකරණය වෙන්න ඉඩ තියන්නෑ. මේ වෙද්දි ඔබාමා හිටියනම් මොනවගේ දේවල්ටිකක් වෙයිද කියල මම හීන මවමින්. ඔබාමා සිටියනම් මෙවන් සිදුවීමක් නොවෙන්නත් ඉඩ තිබුුුන‍‍.

කොහොම වුනත් මම මෙතනදි ඇමරිකානු ප්‍රශ්නය ගැන කතා කරන්නෑ. මට මේ සිද්ධිය කියවාගන්න පුළුවන් අපේ රටට සාපේක්ෂව විතරයි. අපි අපේ පොදු හතුරාට එරෙහි වෙන්න සුදානම්ද?
ඇමරිකාවේ මිනිස්සු වගේ අපි අපේ දේශපාලකයාට, නිලධාරීන්ට එරෙහිව විප්ලවය කරන්න සූදානම්ද? ඒ අයව ප්‍රශ්න කරන්න සූදානම්ද? ඇමරිකාවෙන් ඉගෙන ගන්න ලෑස්තිද?


4 comments:

  1. ඇමරිකා ඔරුමත්තුනාඩුවේ සුද්දෝ, ලංකාවේ දෙමෙල්ලුන්ට වඩා ගොඩාක් හොඳයි.

    බලන්න මුලතිව් ගුරුකන්ද පන්සලේ ප්‍රශ්ණ වලදී දෙමෙල්ලු දෙමළ ජාතිවාදයට විරුද්ධව සිංහලයන් සමඟ එක්ව විරෝධාවයක් දැක්වුවේ නෑ. සුද්දෝ ඊටවඩා ගොඩක් හොඳයි.

    නේද අපේ හාමුදුරුවනේ!

    ReplyDelete
  2. 'කොහොම වුනත් මම මෙතනදි ඇමරිකානු ප්‍රශ්නය ගැන කතා කරන්නෑ. මට මේ සිද්ධිය කියවාගන්න පුළුවන් අපේ රටට සාපේක්ෂව විතරයි. අපි අපේ පොදු හතුරාට එරෙහි වෙන්න සුදානම්ද?'

    මුහුදුමා විහාරේ අල්ලං ඉන්න තම්බි නේද අපේ පොදු සතුරා.

    ReplyDelete
  3. අපගේ සතුරා වන්නේ අපව මේ සසරට ඇද බැඳ තබනා 'මාරයා'. තථාගතයන් වහන්සේ එයයි දේශනා කරේ.

    ReplyDelete
  4. මේක තමයි අන්තර් ජාලයේ වැදගත්කම. අන්තර්ජාලය නොතිබුනා නම් ගුරුගොඩ සිරිවිමල වගේ මැන්ටලීය පුද්ගලයන්ට රාවය වගේ පත්තරේක කඩප්පුලි කතා ටිකක් ලිය ලිය පොර වගේ ඉන්න තිබුනා.
    දැන් ඒවා බෑ.
    සොරි සාදු.

    ReplyDelete