Tuesday, July 28, 2020

ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක්නෑ


ඊට පස්සෙයි වැහි වැටුනෙ; වැහි වැටුනට පස්සෙ හැමදේම වෙනස් වුනා. මනුස්සය මැරුණෙ නයෙක් ගහල. ඒ මදිවට දරුවො ටිකත් නැති වුනා. ඒ හැමදෙයක්ම වෙද්දි එයාට මේ කිසිවක් දරාගන්න බැරිවුනා. එයා ඇඩුව, වැළපුනා, ශෝක වුනා, පිස්සියක් වුනා. එහෙම තියෙද්දිත් එයා එයාගෙ අවසාන පිළිසරණ කියල හිතාගෙන ගිය තාත්ත අම්ම, සහෝදරය පවා වැස්ස නිසා විනාස වෙලා ගිහිල්ල තිබුන. එයාට තව තවත් අඬනව හැරෙන්න විකල්පයක් තිබුනෙ නෑ.

එයා කෑ ගහල හැඩුව. අම්ම තාත්ත සහෝදරය එකම චිතකයක දැල්වෙනව දකින්න තරම් පාපයක් එයා කරගෙන තිබුන වෙන්න ඇති. චිතකය ඉස්සරහ අමු නිරුවතින් වටෙන්ම හූ හඬ තියද්දිත් දණ ඇණගෙන ඉකි ගගහ ඇඩුව.

පස්සෙ එයා මේ දේවල් තේරුම් ගත්ත. වැස්ස කියන්නෙ තමන්ට අහිමි වීම් ලබා දුන්න ප්‍රධාන සාධකය වුනත් එයා අවබෝධ කර ගත්ත "වැස්ස කියන්නෙ අලුත් වුන නැවුම් බලාපොරොත්තු ගෙනත් දෙන දෙයක් බව"  ඒ වගේම එයා තේරුම් ගත්ත වරදින වරදින වාරයක් ගානෙ තමන්ට හිවෙන්න ඇති තරම් අය ඉන්න බව. එයා දැනගෙන හිටිය මේ දේවල් වලට අපි හැමෝටම අවනත වෙන්න වන බව. ඒ අවබෝධයෙන් පස්සෙ එයාට විතරක් නොවෙයි ඕනම කෙනෙක්ට වෙන්වීම්, බිඳ වැටීම්, විනාස වීම් ඉදිරියේ නොසැලී ඉන්න පුළුවන්.
ජීවිතේ ඉහළම තැන් වලට යන්නනම් දේවල් ගොඩක් අහිමි කරගන්න වෙනව. අකුණු ගහන තද සුළං මහවැසි වලට අහු වෙන්න වෙනව. තෙමෙන්න වෙනව. බේරෙන්න අඟු පිළක්වත් නැති බව එයා තේරුම් ගත්ත. මේ ජීවිත වල අවසානයෙ ලබන්න මෙහෙමයි කියල ජයග්‍රහණයක්වත් පරජයක්වත් නෑ කියල තේරුම් ගන්න එක තමයි ලොකුම දේ! එයා ඒක තේරුම් ගත්ත.

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක්නෑ


|සොඳුරිය පටාචාරා |ගුරුගොඩ සිරිවිමල


No comments:

Post a Comment