Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලෝක ආහාර දිනයට සමගාමීව ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව දැනුවත් කිරීම. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10.17


ආහාර යනු අයතියකි. එමෙන්ම සෑම ප්‍රාණියෙකුගේම මූලික අවශ්‍යතාවයක් වන අතර ආහාර නොමැතිව ජිවිය නොපවති. මිනිසා මිහිතලය මත බිහි වූ දා සිට ආහාර සපයා ගත්තේ සොබාදහමෙනි. එය ප්‍රමාණාත්මකව ලබා ගැනීමේ අයිතිය මේ ලෝකයේ කුමන හෝ පුද්ගලයෙකුට හිමිකමක් ඇත. ඒ අයිතිය යනු ආහාර ස්වෛරීත්වයයි. ආහාර ස්වෛරීත්වය සැබවින්ම මහ පොළොවේ පැළ කරන්නට අප සියලු දෙනාගේ වගකීමකි. තනි තනිව නොහැකි නම් සමූහයක් ලෙස හෝ ආහාර අයිතිය සුරක්‍ෂිත කරන්නට අප කැපවිය යුතුය. ලෝකයේ ඇතැම් පිරිස් ආහාර අතිරික්ත ගොඩ ගසා සිටින අතර ඇතැම් රටවල්වල ජනතාව කුසගින්නේ මිය යන තත්ත්වකට පත්ව ඇත. බොහෝ රටවල් ආහාර ලබා ගැනීම උදෙසා පාලකයින්ට විරුද්ධව සටන් කරන මෙවන්  කාලවානුවක ශ්‍රී ලංකා සන්දර්භයේද අද වන විට ආහාර ලබා ගැනීමේ බොහෝ දුෂ්කරතා මතු ව ඇත. මේ සම්බන්ධයෙන් කාලීන සාකච්ඡාවක් මඩකලපුව ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2021 ඔක්තෝම්බර් මස 17 වන දින සාමාජිකයින් 23 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිනි නිෂන්කා රංගනි මහත්මිය ද සම්බන්ධ වූවා ය.