Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. කුරුණෑගල ප්‍රජා සහයෝගිතා සන්සදය - 2021.10.17

ආහාර මිනිසාගේ පැවැත්මට ඉවහල් වන අතිශය සන්වේදී සාධකයකි. ආහාර නොමැතිව මානවයාට ජිවත් වීමට නොහැකි අතර සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යෑමට ආහාර මඟින් කරෙන දායකත්වය අතිශය වැදගත් ය. බොහෝ රටවල් ආහාර පාරභෝජනය කොට අතිරික්තය විනාශ කරන්නට යොමු වන අතර තවත් බොහෝ රටවල් ප්‍රමාණයක් ආහාර නොමැතිව කුසගින්නේ පසුවන තත්ත්වයක් පෙන්නට ඇත. මේ අතර බොහෝ රටවල් ප්‍රමාණයක් ආහාර වෙත ප්‍රවේශ වීමට නොහැකිව සිටින තත්ත්වයක් ඇත. මේ කෙසේ වුවත් යහපත් සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කිරීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය තහවුරු කළ යුතු අතර ඒ වෙනුවෙන් සටන් කිරීමට වර්තමානය වන විට සිදුව ඇත. ලෝක ආහාර දිනය සිය ගොවි කාන්තාවන් සමඟ සැමරීම 2021 ඔක්තෝම්බර් මස 17 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොන්නිලව ගොවි කාන්තා කණ්ඩායමේ සහභාගිත්වයෙන් සිදු විය. ඇත්ත වශයෙන්ම කුරුණෑගල ප්‍රජා ශක්ති සහයෝගිතා සන්සදය සැබවින්ම ආහාර සුරක්‍ෂිතතාවය මග පාදන ගොවි කාන්තාවන්ට දිරිය දෙමින් ආහාර සුරක්‍ෂිතාවයට මඟ පාදරන්නට ඔවුන්ට සවියක් වේ. එමෙන්ම ලෝක ආහාර දිනයට සමගාමීව කාන්තාවන් වෙත පලතුරු පැළ 300 ලබා දීම සිදු කළ අතර කාබනික ගෙවතු වගා ආරම්භ කිරීමට ඇසුරුම් කළ ගුණාත්මක බීජ ලබා දීම සිදු විය. මෙම අවස්ථාව සඳහා එම සංවිධානයේ සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද අජිත් රූපසිංහ මහතා ද සම්බන්ධ වූහ.