Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලෝක ආහාර දින සැමරුම - 2021 "ආහාර යනු අයිතියකි. ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගයක් නැත" 2021.10.16

 ලෝක ආහාර දින සැමරුම අද දිනට යෙදී ඇත. ඇත්ත වශයෙන්ම පැවසුවහොත්, ලෝක ආහාර දිනය සැමරීම සැමරීමටකට වඩා ලෝකයේ සුවහසක් ජනතාවගේ ආහාර අයිතිය පෝෂදායි ආහාර වේලක් භුක්ති විදීමේ අයිතිය බොහෝ විට අද වන විට නැති වෙලා තිබෙන තත්ත්වයක් පෙනෙන්ට ඇත. බඩිගින්න හා මන්දපෝෂණයෙන් බොහෝ දරුවන් මෙන් ම වැඩිහිටියන් ද මිය යන මෙවන් කාලයක ද ආහාර අයිතියක් ලෙස ගෙන ආහාරවලට ප්‍රවේශ වන්නට ඇති හිමිකම සහතික කළ යුතුව ඇත. ලෝක ආහාර දිනය ලෝකය සෑම තැනකම සිහිපත් කරන සමරන අද වැනි දිනක ආහාර ස්වෛරීත්වය පිළිබඳව කථිකාවතට ලක් වී අවුරුදු 25 සමරන අද වැනි දිනක ආහාර ස්වෛරීත්වය තහවුරු කරන්නට අපි සියලු දෙනාම කැප වෙමු දිරිය දෙමු.
ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය හා තවත් සංවිධාන නවයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ජාල ගත වෙමින් මෙවර ලෝක ආහාර දින සැමරුම 2021 ඔක්තෝම්බර් 06 වන දින ZOOM තාක්‍ෂණය ඔස්සේ වෙබිනාර් ක්‍රමයට පවත්වන ලදී.  මෙහිදි ආහාරවලට ඇති අයිතිය ආහාර ස්වෛරීත්වය අපේ මහ පොළොවේ පැළ කරන්නට දිරි දෙන සුළු ආහාර නිෂ්පාදකයා සුරක්‍ෂිත කරන වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සංවාදයකට යොමු විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ, ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද යුක්තිය හා සමාජ භාරයේ සඳුන් තුඩුගල මහතා ද සිවිස්ත්‍රි සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති මහත්මිය දඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ සංන්ධානයේ චින්තක රාජපක්‍ෂ මහතා ද අනුකා දි සිල්වා ද ෆියෑන් ශ්‍රී ලංකා සංවිධානයේ තිලක් කාරියවසම් මහතා ද සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වූහ. එමෙන්ම ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ද එක් වූහ. එමෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන් ම ධීවර නායකයින් කාන්තා නායකයින් ද මාධ්‍යවේදීන් ද ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වූහ.

නීල හරිත සංකල්පය - හර්මන් කුමාර මහතා
ආහාර ස්වෛරීත්වයේ කාන්තාවගේ භූමිකාව - පද්මා පුෂ්පකාන්ති මහත්මිය
ආහාරවලට ඇති හිමිකමේ ශ්‍රී ලාංකීය භාවිතය හා ජාත්‍යන්තරයේ වශයෙන් ආහාර අයිතියේ ස්වභාවය - තිලක් කාරියවසම් මහතා 
ලෝක ආහාර අර්බුදය- අනුකා ද සිල්වා 
 
ආහාර ස්වෛරීත්වය සඳහා වැඩ සැලසුම් නිර්මාණය- චින්තක රාජක්‍ෂ මහතා