Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට එයාල කරපු විදිහ වීඩියෝ පට ඇසුරෙන් - 2021.10.15


ආහාර සවෛරීත්වය පිළිබඳව සංවාදයට බඳුන් වී දැනට වසර 25 ගත වන තැන ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට රෝපණය කරන්නට ගොවීන්, ගොවි කාන්තාවන්, ධීවරයින්, කම්කරුවන්, වතු කම්කරුවන් දරූ හා දරණ ප්‍රයත්නය සැබවින්ම පැසසුම් කටයුතුටය. ඇත්ත වශයෙන්ම රට වටා සිටින සුළු නිෂ්පාදකයින්ගේ මේ ප්‍රයත්නය හේතුවෙන් ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය සුරක්‍ෂා වන අතර බඩිගින්නට සැබැ පිළිතුරක් ඔවුන් මහ පොළොවේ පැළ කිරීමට මේ හරහා උත්සුක වේ. එමෙන්ම ආහාර ස්වෛරීත්ව ජනගත කරන්නට දරන්නාවු වෙහෙස මහන්සියේ තරම් අද දින ප්‍රකාශ වේ. ආහාර ස්වෛරීතව මහ පොළොවේ රෝපණය කරන්නට ධීවරයා, ගොවියා දැරු ප්‍රයන්තය ඔවුන් සැබවින්ම මුහුණ දුන් අභියෝග මෙම වීඩියෝ පට තුළින් ප්‍රදර්ශනය වේ. එමෙන්ම, ඒ සඳහා අත හිත දුන් සංවිධාන සහයෝගය දුන් පුද්ගලයින් පිළිබඳව ප්‍රකාශ වේ. මේ සඳහා පොළොන්නරුව සහා මාතර, ගාල්ල, මඩකලපුව, යාපනය, අනුරාධපුරය,මොනරාගල අම්පාර,කුරුණෑගල , කල්පිටිය ආදී දිස්ත්‍රික්කවල වීඩියෝ පට මෙහිදි ප්‍රදර්ශන විය.
"කාබනික ගෙවතු වගාව හරිම සුන්දර අත්දැකීමක් වන අතර වස විසෙන් තොර ගොවිතැන වෙතම හැම කෙනෙකුම යොමු වන්න."
"තරුණ දූ පුතුන් ආහාර ස්වෛරීත්වය ගොඩනගන්න පෙරමුණ අරන් ඉදිරියට එන්න."
"වස විසෙන් තොර ආහාර වේලක් කාබනික ගෙවත්තක් තුළින් ගොඩනැගිය යුතුය."

"කාබනික ගෙවතු වගාව ප්‍රචලිත කරන්නට බීජ හුවමාරු වැඩපිළිවෙක් නිර්මාණය කළ යුතුය." මේ ආකාරයෙන් ඔවුන්ගේ අදහස් පල කරන ලදී. ඇත්ත වශයෙන් ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ යථාර්ථයක් කරන්නට ඔවුන් කළ මෙහෙය මෙහිදි විද්‍යමාන විය.