අපි නිදහස් ද?

උදම් අනනට රටක් ඇත්තෙ ද ණය බරයි රට දස අතේ
සටන් කලවුන් පසෙක ලා රට කරනවුන් ඇත තෙද බලේ
දසක සතකදි අහිමි වූ දෑ අහිමි කල දෑ බෝ වෙතේ
දැවෙන භේදෙන් උමතු ජය ගොස් නගති වහලුන් නුබ වෙතේ

ධජය කිම ඔද වැඩීමට නැති කලට නිදහස මේ රටේ
සිතැඟි අයුරෙන් මඩිහ තර කර ගන්න රජයක් නිති ඇතේ
උගත්කම් සැම පසෙකලා නිති රජ කරයි දුදනන් වටේ
සියල් ධන භෝගයන් ගෙන්වති අඩුව කිම සිරිලක් බැතේ

ගෙවී ගිය සත් දසක දෙදහස් වසක පම්පෝරිය ඇතේ
රටක දියුණුව එය ම මුමුණා ලැබු රටක් වෙද දස දෙසේ
තැබුවොතින් බිම ජාති ආගම් පුරාජේරුව යම් දිනේ
එතැන් සිට සිට ගැනුම ඔබිනේ වේය රටකට මේ වෙලේ

Comments