දිදුලනා සඳ තුටින් නික්මිණ

මතක මංසල වසා දමමින
වියෝ ගින්දර නිවා දමමින
යශෝරාවය දියත නගමින
දිදුලනා සඳ තුටින් නික්මිණ

එදා හුන් සැම දෑත සවිකර
මෙදා උන් සැම නිදයි අපතර
සදා උන් අප ගොසින් අතහැර
එදා මෙන් ගම වේ ද විසිතුර

නෑසියන් ඇත එකතු වී අද
දුර ගමන් ගිය කලට පිය සඳ
සයුරු පැන දැක ගන්න සොඳුරද
පිය මනින්නට වේ ය වෙර බැඳ

බෝ කතුන් බෝසත් වෙසින් නිති
මං සදා මං මුලා වූ ගති
පාදවා පෙර මං යැවූ වෙති
කර සදා දීපයක් අරුමැති

Comments