උබට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?


● හමුදාවේ සේවය කරලා යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගිහින් Unix Operator කෙනෙක් විදියට සේවය කරපු මනුස්සයෙක් උබේ රට පාලනය කරනවා.. ඒ පාලනය යටතේ උබත් සේවය කරනවා නම්.. උබ අමාරුවෙන් ගත්ත BSc, MSc, Phd, IT Knowledge එක, පාරිපාලන සේවා සහතිකය, පලපුරුද්ද ගැන උබට අත්තටම ලැජ්ජාවක් නැද්ද?

● O/L වත් පාස් නැති එකෙක් මුදල් ඇමති වෙලා ඉද්දී ඒ මනුස්සයා කියන විදියට ආර්ථිකය කලමනාකරණය කරන්න වෙලා නම්.. උබ ඉහෙන ගත්ත ගණකාධිකරන උපාධිය, Chartered, CIMA අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

● Insurance Sale Rep කෙනෙක් කෘෂිකාර්ම ඇමැති වෙලා කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවින් නෑ කියද්දි.. ස්කෝලේදී ඉහෙන ගත්ත පස හා පරිසරය පාඩම් අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?● කොච්චියේ මාල කඩපු එකෙක් වරාය ඇමති වෙලා උෂ්ණත්වය 80% කියලා කියද්දි.. celsius, fahrenheit ගැන හය වසරෙදි ඉගෙන ගත්තේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? පොඩි ලැජ්ජාවක් නැද්ද?● සෞඛ්‍යය පිලිබද කිසිම දැනුමත් නැති සෞඛ්‍ය ඇමැති කෙනෙක් යටතේ වැඩ කරන්න වෙලා නම්.. උබේ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය වෘත්තීය, උපාධියට නිසි සැලකීමක් ලැබෙන්නේ නෑ කියලා ලැජ්ජාවක් නැද්ද?

● ඔය ඔක්කොමටම වඩා අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ඉන්ධන ටික ගෙන්න ගන්න වත් ඩොරල් නැති වෙන ගානට පත් වෙලා.. බැංකු වලින් LC නිකුත් කරන්නෙ නෑ කිසිම ආනයනයකට.. කාබණික හරි රසායනික පොහොර කිසිම පොහොරක් නැතුව ගොවියගේ අස්වැන්න බිංදුවට වැටිලා ඉදිරියට කන්න දෙයක් නැතුවෙන ගානට වැටිලා ඉද්දිත්.. කිරිබත් උයන් කන්න පුලුවන් මිනිස්සු නොවන කොට්ඨාසයක් ජීවත් වෙන රටකට වෙලා ඉන්න උබට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?

copied

2 thoughts on “උබට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න