ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශ්‍රාම වැටුපක්

422
(onmanorama)

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශ්‍රාම වැටුප් සැලැස්මක් ලබා දීමට තීරණය තිබෙනවා. මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ නියෝජිත හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Anshuman Gaekwad විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ගොඩ කාලයක සිට ඉල්ලා සිටියා පළමු පෙළ තරග 25කට අඩුවෙන් ක්‍රීඩා කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, නැසී ගිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැන්දඹුවන්ට හා හිටපු දේශීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා.”

ඒ පිළිබඳව අපි අවසන් රැස්වීමේ දී කතා කළා. එහි දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly පවසා සිටියා ඔහු මීළඟ රැස්වීමේ දී මේ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරන බවට”, Gaekwad PTI පුවත් සේවයට පවසා තිබුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සඳුදා (20) නිවේදනය කර සිටියේ COVID-19 නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වූ දේශීය ක්‍රීඩකයින්ට 50%ක තරග ගාස්තුවක් ගෙවන බවත්, මීළඟ තරගවාරයේ දී ඔවුන්ගේ ගෙවීම් වැඩි කරන බවත්ය. මේ පිළිබඳව Gaekwad ප්‍රශංසා කර තිබුණා.

සෑම හොඳ ක්‍රීඩකයෙකුටම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම ඒ වගේ මුදල් උපයන්න ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ දැන් ඔවුන්ට තමන්ගේ ජීවිතයේ ඉදිරිය ගැන බය නොවී ඉන්න පුළුවන්.”

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපි ගොඩක් දේවල් කරලා තිබෙනවා. ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් ගොඩ දැක්කම ඒ ගැන හිතාගන්න පුළුවන්.”

COVID-19 වසංගතය නිසා පසුගිය වසරේ ඉතිහාසයේ පළමු වතාවට රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නට නොහැකි වූ අතර ඒ නිසා ඉන්දීය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක්ට සිය ප්‍රධාන ආදායම් මාර්ගයක් අහිමි වුනා.

අපි දුටුවා පසුගිය වසර දෙකේම COVID-19 නිසා ක්‍රිකට් ක්‍රීඩාව පවත්වන්නට නොහැකි වූ බව. නමුත් දැන් වෙලාව ඇවිත් තියෙන්නේ ආයෙත් ඉදිරියට යන්න. අපිට බැහැ මේ තත්වය නැවත යහපත් වන තුරු බලන් ඉන්න.”

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<