IPL තුල නැවතත් කොරෝනා අවධානමක්?

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

327
SRH bowler

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන T. නටරාජන් කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුව ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙනවා.

ඩුබායි හීදී සිදු කළ RT-PCR පරීක්ෂණයක දී වමතින් වේගපන්දු යවන නටරාජන් ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබෙන නමුත් ඔහු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ද වාර්තා වෙනවා.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනා ගත් එම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විජය ශංකර් ඇතුළු එම කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක්ව ද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට IPL තරග සංවිධාකයින් කටයුතු කර තිබෙනවා.

ඉන්පසුව එම කණ්ඩායමේ අනෙක් සියලු දෙනාව නැවත වතාවක් RT-PCR පරීක්ෂණ සඳහා අද (22) යොමු කළ අතර ඔවුන් ආසාදිතයින් නොවන බවට හඳුනා ගෙන තිබෙන නිසා සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් අතර අද (22) පැවැත්වීමට නියමිත තරගය නියමිත පරිදි පැවැත්වෙන බව IPL බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<