Friday, April 9, 2021

නිහඬ කඳු


දරාගත නොහැකිව පිපිරුණ
ලෝදිය වගුරමින් හඬන
බුර බුරා නඟින
කළු දුමාරය දුහුවිලි
වසාගෙන නිල් අහස
පුවත් මවන...

ඇතුළතින් ගිනි ගන්න
කැකෑරෙන ලෝ දිය මැඩලා ගෙන
පිපිරුනොතින්
කඳු පාමුල වැනසෙතැයි හිත හිතාම
හැම දේම විඳගන්න
දිරිය සවිය ඇති
උස් මිටි කඳු ද
බොහෝ ඇති
නිහඬව...

No comments:

Post a Comment