තලේබාන්වරු ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක එළවයි

940
Times Of India

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සටන්කාමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයාව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

එලෙස ධූරයෙන් ඉවත් කළ Hamid Shinwari ඔහුගේ නිල Facebook ගිණුම ඔස්සේ මේ බව නිවේදනය කර තිබුණා. තලේබාන් නව අභ්‍යන්තර කටයුතු ඇමති Sirajuddin Haqqaniගේ සහෝදරයා වන Anas Haqqani ඔහුව මෙලෙස ධූරයෙන් පහ කළ බව එම නිවේදනයේ සඳහන්.

එලෙස Hamid Shinwariව ධූරයෙන් ඉවත් කිරීමට තලේබාන්වරු හේතු දක්වා නොමැති අතර ඔහුගෙන් හිස්වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයට Naseebullah Haqqani නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව අධ්‍යක්ෂකවරයා කාබුල් නුවර දී සිදු වු​න පහර දීම් කිහිපයකට සැක කරන Sirajuddin Haqqaniගේ ඥාතියෙක් විය හැකි බවයි.

තලේබාන්වරු කාන්තාවන්ට ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා. ඒ අනුව තලෙයිබාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් උදාව ඇත්තේ අවාසනාවන්ත කාලසමයක්.

මේ හේතුව නිසා ජාත්‍යන්තරයෙන් ද ඇෆ්ගනිස්තානයට විවිධ බලපෑම් එල්ල වෙනවා. කාන්තාවන්ට ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට අවසර ලබා නොදීමට විරෝධය පළ කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර පවත්වන්නට නියමිතව තිබූ තරගාවලියක් ද අතහැර දමන්නට තීරණය කළා.

Hindustan Times ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<