ශ්‍රී ලංකාව වසර 5කට පසුව ඉන්දියාවේ ටෙස්ට් සංචාරයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

631

ශ්‍රී ලංකා​ව එළඹෙන වසරේ පෙබරවාරි-මාර්තු කාලය තුල දී ඉන්දියාව සමඟ ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමි​ත අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බැංගලෝර් හිදීයි. එම ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පැවැත්වෙන්​නේ වසර 28කට පසුව වීම විශේෂත්වයක් වන අතර ටෙස්ට් තරගාවලිය තරග ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකක් ලෙස ​ද සැලකෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය මොහාලි හිදී පැවැත්වීමට නියමි​ත අතර එය මාර්තු 13 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. විස්සයි විස්ස තරග තුන පිළිවෙළින් මොහාලි, ධර්මසාලා සහ ලක්නව් හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් වරට 2020 ජනවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වුනු අතර එම තරගාවලියට ඇතු​ළත් වුනේ විස්සයි විස්ස තරග තුනක් පමණයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2017 වසරට පසුව ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර නොමැති අතර මේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර 5කට පසුව වීම මේ තරගාවලියේ තිබෙන තවත් සුවිශේෂීතාවයක් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

  • පළමු ටෙස්ට් තරගය – පෙබරවාරි 25 – මාර්තු 1 – බැංගලෝර් හිදී
  • දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 5 – 9 – මොහාලි හිදී
  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 13 – මොහාලි හිදී
  • දෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 15 – ධර්මසාලා හිදී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 18 – ලක්නව් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<