කව්ද ඇත්තටම කාලකන්නි?


මුලින් මේක ටිකක් ඇත්ත වාගෙත් හිතුනා

පස්සේ IT කරන අපි නේද කාලකන්නි කියලා තේරුනා. මොකද අපේ උත්තර ටිකක් වෙනස්

රැකියා ආරම්භය – project standup/team meeting/client meeting පටන් ගන්න වෙලාව

රැකියා නිමාව – දීලා තියෙන වැඩේ සහ අමතරව කරන්න කියූ වැඩ අවසන් කරන වෙලාව බොහෝවිට පසුදා උදේ පාන්දර

උදෑසන තේ විවේකය – නැත. වැඩ කරන ගමන් බොන්න වෙන්නේ

දහවල් ආහාර විවේකය – වැඩ කරන ගමන් කන්න පුළුවන් නම් එහෙමයි නැත්නම් විනාඩි 15-20ක් වගේ

හවස තේ විවේකය – නැත. වැඩ කරන ගමන් බොන්න වෙන්නේ

දිවාකල මුළු විවේක කාලය – විනාඩි 15-20

රාත්‍රී ආහාර විවේකය – විනාඩි 30 පමණ

රැකියාවේ නිරත කාලය – නොදනී (පැය 24න් ඉහත වැඩවලට ගිය විනාඩි 45-50 හැරුනාම වැඩ ඉවර වෙනකන් ගත කරන මුළු කාලයම ගත හැක)

අතිකාල දීමනා – අපි කරන විදිහට ගෙවන්න ගියොත් කොම්පැනි වහන්න වෙන්නේ

රාජකාරි ප්‍රවාහන දීමනා / පොත් පෑන් / දුරකථන දීමනා – නැත. ලයිට් බිල් වතුර බිල් ඉන්ටර්නෙට් බිල් ඔක්කෝම අපිම ගෙවා ගත යුතුය

එහම බැලුවාම කව්ද කාලකන්නි?

ප්‍රතිචාරයක් ලබාදෙන්න