මිෂෙල් දිල්හාරා 'පොදු' දෙවැනි කතාමාලාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 19, 2021

මිෂෙල් දිල්හාරා 'පොදු' දෙවැනි කතාමාලාවට

‘පොදු’ යනු දෙරණ නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලි කතා මාලාවකි. විශ්ව විද්‍යාල ජීවිතය පාදක කර ගනිමින් නිර්මාණය වූ 'පොදු' මෙරට පළමු 'ටෙලි මිනි සීරීස්' ලෙස ද හැඳින්වෙයි. 

'පොදු' ටෙලි කතා මාලාවේ පළමු කතාමාලාව විකාශය වූයේ ලහිරුණි සල්වතුර ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙමිනි. 'පොදු' ටෙලි කතාමාලාවේ ජනප්‍රියත්වයත් සමඟ එහි දෙවැනි කතාමාලාවක් නිර්මාණය වන බව පවසා තිබුණි. 

'පොදු' ටෙලි කතාමාලාවේ දෙවැනි කතා මාලාවේ Season 2 රූගතකිරීම් මේ වනවිට ආරම්භ වී ඇත. 

'පොදු' දෙවැනි කතා මාලාවේ එක් වී සිටින්නේ දනවක රංගන ශිල්පිණියක වුවත්, ඇය මේවනවිට රංගනයට නවකයකු නොවෙයි. ඇගේ රංගන කුසලතාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නොවෙයි. 
ඇය මිෂෙල් දිල්හාරාය. මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක මිෂෙල්ගේ රංගනය දකින්න ලැබේ. මිෂෙල් පසුගිය වසරවල රඟපෑ ටෙලි නිර්මාණ බොහොමයක් අතිශය ජනප්‍රිය වූ අතර, තවමත් ඒවා ප්‍රේක්ෂකයන් අතරේ කතාබහට ලක් වෙයි. 

ඒ අනුව, 'පොදු' Season 2 සඳහා මිෂෙල් දිල්හාරාගේ රංගනය දැක ගැනීමට හැකිවනු ඇත. 'පොදු' දෙවැනි කතාමාලාවට මිෂෙල් සම්බන්ධ වීම, බොහෝ දෙනාගේ සතුටට හේතුවෙනවා නොඅනුමානය.

Classified_Ad

Classified_Ad_News_Bottom