කාබනික පොහොර ආනයනය විධිමත් කරමුද? නැත්නම් රටේ ගොවිතැන විනාශ කරගමුද?


“මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.
එම පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇත.


ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවත් කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.


හෙක්ටයාර් 01කට නයිට්‍රජන් කිලෝ 300ක් හා පොටෑසියම් කිලෝ 45ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.”


ADA DERANA NEWS

මෙට්‍රික් ටොක් 99,000 ක් ගෙන්නන්න හදන්නෙ.


එතකොට සාමාන්‍යයෙන් මෙහෙම විදේශ රටක ඉදලා ශාක හෝ සතුන් හෝ ඒ ආශ්‍රිත දේවල් ගෙන්නනකොට ලංකාවේ තියෙන ශාක හා සත්ව නිරෝධායනය නීති වලට අනුකූල වෙන්න ඕනි.


පේන හැටියට නම් ඒ කිසිවක් මේ කාබනික පොහොර කියලා ගෙන්නන ඒවට බලපාන්නේ නෑ වගේ. හරිනම් කරන්න ඕනි මේවගෙ සාම්පල් කිහිපයක් ලංකාවෙ ලැබ් වලින් ටෙස්ට් කරලා ඒවා බලලා ඒවගේ ගුණාත්මක භාවය සහ අපේ රටේ පරිසරයට හානියක් නොවන බවට තහවුරු කරගන්න එක. දැනට ආරන්චි හැටියට මේ ගෙන්වන ඒවා සියල්ලම වාගේ ‘අසමත්’ වෙලා තියෙනවා.


morning පත්තරේ කියන විදිහට චීනෙ දි කරපු පරීක්ෂණ වල රිපෝට් එක අවුලක් නැති නිසා අවසර දෙනවලු ආනයනය කරන්න

මෙහෙම ලංකාවෙ කරපු ඔක්කොම සාම්පල් ටෙස්ට් අසමත් වෙච්ච පොහොර (නාගරික කසළ කියලා තමා ගොඩක් අය කියන්නෙ) ඩොලර් මිලියන් 63ක් විදේශ විනිමය වියදම් කරලා ආනයනය කරලා කරන්න හදන්නේ මේ රටේ ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න තමයි.


දැන් අහයි එහම උනා කියලා මොකද වෙන්නේ පෝර ටික නිසා අස්වනු වැඩි වෙනවානම් කියලා.
ලංකාව පුරා විසිරිලා තියෙන ඇකේසියා, ගිනිකිරැස්ස, යෝධ නිදිකුම්බා කියන කියන ආක්‍රමණික ශාක ලංකාවට ආවෙත් ඔහොම තමයි.


අර බඩඉරිගු කන දළඹුවා ආවෙත් ඔහොම තමයි. හැබැයි ඒ පොහොර නිසා නෙවෙයි. ලංකාවෙ සංවර්ධන යෝජනාක්‍රම වලට පිටරටින් ගෙනාපු භාවිත කල වාහන වල තිබ්බ පස් වල තිබ්බ බීජ නිසා තමයි එහෙම උනේ.
දැන් ඒවා වද කරගන්න මිලියන ගානක් වියදම් කරනවා.

ඔය ගෙන්වන පොහොර ලංකාවේ පරීක්ෂණ වලින් අසමත් වෙලා තියෙද්දිත් ගෙන්නලා වගා බිම් වලට තව මොනා හරි උවදුරක් හැදිච්ච දවසට රටම හාමතේ මැරෙන්න තමයි වෙන්නේ.


අන්න ඒ නිසා ඔය ගෙන්වන කාබනික පොහොර හරි ප්‍රමිතියකින් ගෙන්වන්න අපි බල කළ යුතුයි, ඒ වගේම රට ඇතුලෙම කාබනික පොහොර නිපදවා ගන්න යාන්ත්‍රණයක් ඇති කල යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න