Kohli විස්සයි විස්ස නායකත්වය අත්හරියි

744

ඉන්දීය ක්‍රිකට් නායක Virat Kohli එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ඔහු twitter පණිවුඩයක් ඔස්සේ දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකත්වයේ තමන් දිගටම කටයුතු කිරීමට ද කැමති බව ද ඔහු සඳහන් කර තිබුණා. මෙම තීරණය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly, ලේකම් Jay Shah සහ තේරීම් කමිටුව සමඟ ද තමන් සාකච්ඡා කළ බව Kohli පවසා තිබුණා.

තමන් වසර 8ක් 9ක් ආකෘති තුනේම ක්‍රිකට් ක්‍රීඩා කර ඉතා ඉහළ වැඩ ප්‍රමාණයක් (Workload) සඳහා සිය දායකත්ව ලබා දුන් බවත්, තමන් වසර 5, 6ක් අඛණ්ඩව නායකත්වයේ කටයුතු කිරීම නිසා එම වැඩ ප්‍රමාණය ඉතා අධික බවත් Kohli සිය ලිපියේ දක්වා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

“ඉන්දීය කණ්ඩායම එක්දින හා ටෙස්ට් තරගාවලිවල දී මෙහෙයවන්න සූදානම් වෙන්න, මම මා වෙනුවෙන් යම්කිසි ඉඩක් ලබා ගත යුතුයි. මම විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් කණ්ඩායමට දිය හැකි සියලු දේ ලබා දී තිබෙනවා. මම විස්සයි විස්ස පිතිකරුවෙකු වශයෙන් දිගටම එසේ කරන්නට බලාපොරොත්තු කරනවා.”

“මේ තීරණය ගන්නට ගොඩක් කල් ගියා.” Kohli පවසා තිබුනා.

“මගේ සමීපතමයෝ සමඟ ගොඩක් සාකච්ඡා කර විමසා බලලා තමා මේ තීරණය ගත්තේ. Ravi Shasthri, Rohit Sharma වැනි නායකත්වයට ළඟම අය සමඟත් මම සාකච්ඡා කළා. ඒ අනුව මම තීරණය කළා ඔක්තෝබර් මාසයේ ඩුබායි හිදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස නායකත්වයට සමුදෙන්න.”

Kohli විස්සයි විස්ස නායකත්වයට පැමිණෙන්නේ 2017 වසරේ MS Dhoni නායකත්වයෙන් සමුගැනීමෙන් අනතුරුවයි. ඔහු යටතේ ඉන්දියාව විස්සයි විස්ස තරග 45ක් ක්‍රීඩා කළ අතර ඉන් 27ක් ම ඔවුන් ජයගෙන තිබෙනවා.

Kohli යටතේ ඉන්දියාව පරාජය වී ඇත්තේ තරග 14ක් පමණක් වන අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. නායකයෙකු ලෙස ලකුණු 48.45ක සාමාන්‍යයක් යටතේ Kohli ලකුණු 1502ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 143.18ක්.

නායකයෙකු ලෙස ඔහු අර්ධ ශතක 12ක් රැස් කරගෙන තිබෙන්නේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 94ක් ද රැස් කරමිනුයි. 2017 වසරේ සිට අන්තර්ජාතික විස්සයි විස්ස තරග පිටියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා ද වන්නේ Kohli වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<