මෙන්ඩිස්, කපුගෙදර ඇතුළු තවත් 6ක් කෙන්යාවට

Nairobi ප්‍රිමියර් ලීගය 2021

2462
Sri Lankans in Nairobi

පළමු වරට පැවැත්වීමට  නියමිත Nairobi ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙක් (ක්‍රීඩා කිරීම/පුහුණු උපදේශක) සහභාගී වීමට සූදානමින් පසුවනවා. තරගාවලිය ඊයේ (15) කෙන්යාවේ Nairobi හි Ruaraka ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වුනා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර ස​හ අජන්ත මෙන්ඩිස් මේ තරගාවලිය සඳහා එකතු වන්නේ පුහුණු උපදේශකවරුන් ලෙස වන අතර උදාර ජයසුන්දර, ​ළහිරු ගමගේ, ගිහාන් රූපසිංහ සහ විකුම් සංජය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට සහභාගී වනවා.

Nairobi Hornbills, Eldoret Hawks, Nakuru Flamingoes, Mombasa Eagles, Machakos Vultures සහ Kisumu Cranes තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් හයයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 2021 Nairobi ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කරනු ලබන/පුහුණු උපදේශක ලෙස සිය දායකත්වය දක්වන කණ්ඩායම් පහත දැක්වෙනවා.

  • ​ළහිරු ගමගේ – Eldoret Hawks
  • උදාර ජයසුන්දර – Nakuru Flamingoe
  • ගිහාන් රූපසිංහ – Nairobi Hornbills
  • විකුම් සංජය – Machakos Vultures
  • අජන්ත මෙන්ඩිස් – Kisumu Cranes (පුහුණු උපදේශක)
  • චාමර කපුගෙදර – Mombasa Eagles (පුහුණු උපදේශක)

මීට අමතරව සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක Christopher Mpofu, Neville Madziva, Elton Chigumbura, Wellington Masakadza සහ John Nyumbu යන ක්‍රීඩකයින් ද Nairobi ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එකතු වෙනවා.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<