කස්සපගෙන් අප්සරාට…

Share

කාශ්‍යප රජතුමා කවදාවත් නැතුව අද ටිකක් කලබලයකින්. ඒ මුවින් අවසානෙට කියවෙච්ච ආදරණීය ම වචන කීපය තමයි මේ !

 

ගිනි අව්වට හිඳින්න බැරි දිය උල්පත් හැදෙව්වා

දිවි හිමියෙන් මෙහෙ ලබන්න සේවිකාවො යෙදෙව්වා

බයක් උනොත් පරිස්සමට රහස් උමං තැනෙව්වා

මේ හදාපු මහ වාසල උඹේ නමට ලියෙව්වා

 

ආයෙම මට එන්නට තව ටික දවසක් යාවී

ඒ එනකොට මේ කලබල ඉවර වී තියේවී

අපි දෙන්නට සතුටු වෙන්න කටයුතු සිදු වේවී

මගේ නමින් හැමදාමත් උඹ මෙහි සුරැකේවී

 

අතට පයට පිරිවර සම්පත් කැන්දා

ජීවිතයේ රස මම හොඳට ම වින්දා

තිසා වැවට අත් දෙක බැඳලා වැන්දා

හිත කලබල මැණිකේ මට උඹ හින්දා

 

පියරජු මැරු උදහස වියරුවෙන් හිත් දරන්

කුපිත වෙලා කස්සප නම කරන්නට තුරන්

මුගලන් ළඟ ළඟ මහ සේනාවකුත් අරන්

පහළට යනවා මම මගෙ මැණික සිහි කරන්

 

ආදරවන්ත ස්වාමියෙකුගේ ගෞරවාන්ව්ත නික්ම යාම…

නමුත්, අපෙ හදවත්වල මේ සොඳුරු කලාකාමියා අමරණීය ව වැජඹේවි !

 

Image link: https://bit.ly/3BZ8BJE

 
Tagged : / /