ලෝක කුසලානයට Morris හා du Plessis නැති දකුණු අප්‍රිකානු සංචිතයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

3304

ICC 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා. එම කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නම් කර නොතිබීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක Keshav Maharaj විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. 

ලෝක කුසලාන සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන Chris Morris, හිටපු නායක Faf du Plessis හා Imran Tahir නම් කර නොතිබීම විශේෂත්වයක්. Tahir හා du Plessis ටෙස්ට් හා එක්දින තරග වලින් විශ්‍රාම ගෙන තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි.

යොවුන් ක්‍රීඩකයින් රැසක් සමඟින් එක්සත් අරාබි එමීර් වෙත යන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Temba Bavuma හටයි. ආබාධයක් නිසා Bavumaට ශ්‍රී ලංකාව සමඟින් හෙට (10) ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය අහිමි වෙනවා. 

කෙසේ වෙතත් Bavuma වෙනුවට ශ්‍රී ලංකා සංචාරයේ දී කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන Keshav Maharaj ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙන අතර ඔහු මෙතෙක් එකදු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර නැහැ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරීම් කමිටු සාමාජික Victor Mpitsang මාධ්‍ය වෙත පවසා තිබුණේ 31 හැවිරිදි Keshav Maharaj එළඹෙන ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට වටිනා ක්‍රීඩකයෙකු වනු ඇති බවයි. 

“ඔහු ඉතා හොඳ නායකයෙක්”, Mpitsang පවසා තිබුණා. “ඔහුට කණ්ඩායමේ සහයෝගය වගේම අපේ තේරීම් කමිටුවේ සහයත් තිබෙනවා. ඔහුට Dolphins කණ්ඩායමේ වෙනුවෙන් නායකයා ලෙස කටයුතු කරලා නායකත්වයේ අත්දැකීම් ද තිබෙනවා.”

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට දඟපන්දු යවන්නන් රැසකගේම සහය තිබෙන අතර Tabraiz Shamsi හා Bjorn Fortuin ද විශේෂඥ දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Quinton de Kock, Aidem Markram, Heinrich Klaasen හා David Miller අත්දැකීම් බහුල පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙන අතර Kagiso Rabada, Lungi Ngidi හා Anrich Nortje වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට දායකත්වය ලබා දීමට නියමිතයි.

අතිරේක ක්‍රීඩකයින් ලෙස George Linde, Andile Phehlukwayo හා Lizaad Williams නම් කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයට නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය: Temba Bavuma (නායක), Keshav Maharaj, Quinton de Kock (කඩුලු රකින ක්‍රීඩක), Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, Aiden Markram, David Miller, W Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen 

ICC වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<