සදාතනික ම මිතුරෙක්…

Share

හමුවීම නියතයක්

රෝස මල් ගැලපුමක්

කාලයෙන් මඟ කියූ

අහේතුක හේතුක නිමැවුමක්

 

හැඳිනීම අරුමයක්

ක්‍රසන්තිමම් සිහිනයක්

කටුක කල එළි කරන

ලස්සන ම ආලෝකයක්

 

වෙන්වීමත් ගැලපුමක්

කහ පාට ටියුලිප් සිතුවමක්

නිදහසේ පියඹන්න

මනා වූ තිලිණයක්

 

අවදිය ම දිනුමක්

තනන්නට ඩැෆොඩිල් මාවතක්

සිසිර ඉම තරණයට

මඟ කියන තරුවක්

 

දන්නවා ද ඒත්,

කැටුව පා තැබුම ම

ලස්සන ම ලිලී යායක්

සදාතනික ම මිතුරෙක්…

 

Image Link: https://bit.ly/3mF7uuk

 
Tagged : / /