ගේම්ස් පිළිබඳ වාර්තා කරන ලෝප්‍රකට වෙබ් අඩවියක් වන අයි ජී එන් (IGN) වෙබ් අඩවියට අනුව "Game Of The Year" ඇතුළු සම්මාන ගණනාවක් දිනා ඇති කන්ට්‍රෝල් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. 2019 වසරේ නිකුත් වූ ක්‍රියාදාම හා ත්‍රාසජනක ක්‍රීඩා ගණයට අයත් වන මෙම ගේම් එකෙහිදී ක්‍රීඩකයාට අධිමානසික බලයන් සමඟ ක්‍රීඩා කිරීමට සිදු වෙයි. Federal Bureau of Control (FBC) නමින් හැඳින්වෙන යථාර්ථයේ නීති උල්ලංගණය කරන සංසිද්ධි වාර්තා කිරීම සහ අධ්‍යයනය කිරීමට පිහටුවාගත් රජයේ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙසී ෆැඩන් (කෝට්නි හෝප්) ගේ චරිතය ඉදිරියට මෙහෙයවීම ක්‍රීඩාවේ ප්‍රධාන තේමාවයි. ගේම් නිරමාණය සඳහා සුප්‍රසිද්ධ ආයතනයක් වන රිමේඩි එන්ටර්ටේයිට්මන්ට් (Remedy Entertainment) ආයතනයෙන් මෙය නිර්මාණය කර ඇත. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන කන්ට්‍රෝල් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.17 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 34.99ක් වටිනා කන්ට්‍රෝල් (Control) ගේම් එක නොමිලේ

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.