ෆයිල් ෆ්‍රෙන්ඩ් (File Friend) මෘදුකාංගය,  ප්‍රයෝජනවත් ගොනු කළමනාකරණ විශේෂාංග 4ක් ඉදිරිපත් කරනු ලබයි. එය පොර්ටබල් වර්ගයේ කුඩා මෘදුකාංගයකි. එමඟින් ඔබට විශාල ගොනුවක් කුඩා කැබලිවලට බෙදිය හැකිය, පසුව මුල් ගොනුව නැවත සකස් කිරීම සඳහා කෑලි එකතු කල හැකිය. ඔබට විශාල ගොනුවක් ඩී වී ඩී තැටි හරහා ගෙන යාමට අවශ්‍ය නම් හෝ ගොනුව ඊමේල් මගින් යැවීමට නොහැකි තරම් විශාල නම් මෙම විශේෂාංගය ඉතා ප්‍රයෝජනවත් වේ. ලිපිගොනු බෙදීමට හා සම්බන්ධ කිරීමට අමතරව, තෝරාගත් ගොනුවක් හෝ ගොනු තොගයක් සංකේතනය (Encrypt) කිරීමට හෝ විකේතනය (Decrypt) කිරීමටද ෆයිල් ෆ්‍රෙන්ඩ් මෘදුකාංගය ඉඩ ලබා දේ. සම්මත සංකේතනයට වඩා රහසිගතව ෆයිල් ආරක්ෂා කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට ජේ පී ඊ ජී (JPEG) රූපයක් තුළ ලිපිගොනු සැඟවීමට හැකිය. එමෙන්ම එය අවශ්‍ය විට ලබා ගැනීමද කළ හැකිය. බාගන්න. ජය.

0.25 MB

ලිපිගොනු කෑලි කරන්න, එකතු කරන්න, සංකේතනය කරන්න, සඟවන්න - File Friend

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.