කණ්ඩලම හෝටලය වසා දමන ලදී

ලෝක ප්‍රසිද්ධ කණ්ඩලම හෝටලය සිය මෙහෙයුම් සම්පුර්ණයෙන් නවතා දැමූ බව පසුගිය සතියේදී ප්‍රකාශ කරන ලදී, ඇයි එහෙම උනේ? කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පළමු හෝටලය මෙය නොවුනත් මේ වසා දැමීම ගැන විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. මුලින්ම කණ්ඩලම කියන්නේ ඉතා හොදින් ලාබ ලබපු හෝටලයක්, එයාලට හැකියාව තිබුන හදිසියෙවත් හෝටලය පාඩු ලබන තත්වයක් උද්ගත උනොත් අඩුම තරමේ අවුරුද්දක් වත් හෝටලය වහන්නේ නැතිව, සේවකයන්ට පඩි නඩි ගෙවමින් පවත්වාගෙන යන්න.

දැන් අපි බලමු හෝටලයේ අදායම, අපි හිතමු හෝටලයේ අදායම මසකට රු.100,000 (ලක්ෂ 1), මේ ආදායමෙන් හෝටලයේ සියලු වියදම් ගෙවා දමා තව රු. 50,000 ක ලාබයක් ලබනවා යයි සිතමු, ඒ කියන්නේ සියලුම පුනරාවර්තන වියදම් වල එකතුව රු,50,000. දැන් හදිසියේ ආව කොවිඩ් නිසා හෝටලයේ මාසික අදායම ටිකෙන් ටික අඩු වෙනවා, ඉතින් එක අවස්ථාවක් එනවා මාසික අදායම රු 50,000 වන, ඒ කියන්නේ හෝටලයට ලාබයක් නෑ , නමුත් සේවකයන්ගේ පඩි ගෙවාගෙන කොහොම හරි හෝටලය වහන්නේ නැතිව පවත්වාගෙන යන්න පුළුවන්. (අපි හිතමු විදේශ සංචාරකයෝ නැති උනත් දේශීය සංචාරකයෝ හරි එනවා කියලා). හෝටලයේ කළමනාකාරිත්වය හිතන්න පුළුවන් “හරි කමක් නෑ , අමාරුවෙන් හරි සේවකයෝ රස්සාවෙන් අයින් කරන්නේ නැතිව මේ විදිහට හරි ටික කාලයක් කරලා බලනවා “

එත් හිතන විදිහට හැමදේම වෙන්නේ නෑ, දේශීය සංචරකයොත් ටිකෙන් ටික අඩුවෙන්න ගන්නවා, දැන් අදායම රු.40,000, රු. 30,000 වගේ අඩු වෙනවා, දැන් මොකද වෙන්නේ? හෝටලයේ වියදම් පියව ගන්නවත් සරිලන අදායමක් ලැබෙන්නේ නෑ, මේ වෙලාවෙදිත් කළමනාකාරිත්වය තීරණය කරනවා හෝටලය පවත්වාගෙන යන්න, එත් දැන් අදායමට වඩා වියදම වැඩියි, එක්කෝ වියදම් කප්පාදු කරන්න වෙනවා, සේවක කප්පාදුවක් සිදු කරන්න වෙන්න පුළුවන්, එත් හෝටලය එහෙම කරන්නේ නෑ , එයාල එයාලගේ එදිනෙදා වියදම් තවත් මාස හයකට පියව ගන්න බැංකුවකින් ණයක් ගන්නවා, දැන් මාස 6කට බය වෙන්න දෙයක් නෑ, දේශීය සංචාරකයෝ සුළු ප්‍රමාණයක් එනවා සහ ගත්ත ණය මුදල නිසා මාස 6කට හෝටලය පවත්වාගෙන යන්න පුළුවන් සේවක කප්පාදුවක් නොකර.

මාස 6ත් ගෙවිල ගියාට පස්සේ ආපහු හෝටලය කලින් හිටපු තත්වෙටත් වඩා අමාරු කාලෙකට මුණ දෙනවා, දැන් නය පොලි වාරික විදිහට අලුත් වියදමකුත් එකතු වෙලා, එත් අදායම තාමත් කලින් තිබුන ප්‍රමානයමයි, මේ නිසා ඉහල කළමනාකාරිත්වයෙන් හෝටලයට උපදෙස් දෙනවා ටික කාලයකට හෝටලය වසා දමන්න කියලා, එත් හෝටලයෙන් කියනවා එහෙම කරන්න තියන නොහැකියාව සහ ඒකට හේතු, එක, දැනට ලැබෙන ආදායමත් අහිමි වීමෙන් සියලු අදායම් අහිමි වීම. , දෙක, හෝටලය වසා දැමුවොත් සියලුම සේවකයිනට රැකියා අහිමි වීම සහ ඔවුන්ගේ අදායම අහිමි වීම, තුන, ණය පොලි වාරික ගෙවීමටවත් අදායමක් නොමැති වීම. ඔන්න ඔය හේතු ටික පැහැදිලි කලාම ඉහල කළමනාකාරිත්වයට එයාලගේ පිලිතුර උනේ සියලුම සේවකයන්ට මාසික දීමනාවක් ලබාදී මාස 6කට හෝටලය වසා දමන ලෙසය. ඉතින් ඒ විදිහට හෝටලය මාස 6කට සියලු කටයුතු අත්හිටවනවා, එත් ලොකු ප්‍රශ්නයක් නෑ , සේවකයනට මසකට දීමනාවක් ලැබෙනවා, ඒ නිසා අවුලක් නෑ .

නැවතත් මාස 6කට පසුව හෝටලය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා, ඒ උනත් කොවිඩ් තත්වය නිසා ඔවුන්ගේ අදායම වැඩි වීමක් සිදු වන්නේ නෑ, ඒ නිසා ඉහලින් නැවතත් මාස කීපයකට පසු නියෝග ලැබෙනවා හෝටලය සම්පුර්ණයෙන් සිය මෙහෙයුම් කටයුතු අත්හිටවියයුතු බවට. ඉතින් මේ වෙලාවේදී හෝටලය සම්පුර්ණයෙන් වසා දැමෙනවා. මේ වෙලාවේදී සේවකයින්ට දීමනා නෑ, මොකද මේ අවස්ථාව වෙන විට හෝටලය විසින් මෙවන් හදිසි අවස්ථාවන් සදහා වෙන්කර තිබූ සංචිත ශුන්‍ය වී තිබු නිසා.

කණ්ඩලම හෝටලය වහපු කතාව ඇත්ත උනත් මේ උඩ තියන කතාව කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොතන ලද එකක් බව සදහන් කල යුතුය, කණ්ඩලම හෝටලය අද දවස වෙන විට ලංකාවට සමාන කලොත් ඇයි මේ ආණ්ඩුව රට වහන්න මෙච්චර අකමැති කියලා කතාව හොදින් කියවුවොත් වැටහේවි, සරලව කිව්වොත්, භාණ්ඩ හා සේවා වෙනුවෙන් රජයට ලැබෙන බදු අදායම අහිමි වෙනවට රජය කැමති නෑ, එහෙම අහිමි උනොත් රජයේ පුනරාවර්තන වියදම් වෙනුවෙන් (රාජ්‍ය සේවක වැටුප් සහ මහජන සුබ සාධනය වෙනුවෙන් රජය කරන වියදම් අති විශාලයි) රජයට ණය ගන්න වෙනවා, එහෙම වෙන්නේ රජය සතු සංචිත ඉතා වේගයෙන් අඩු වෙමින් පවතින නිසා. අපි හිතන්නේ නෑ මේ වෙලාවේ රජයට ප්‍රමාණවත් සංචිත තිබුනා නම් රට වහන්න මෙච්චර නහයෙන් අඩන්න වෙයි කියල, ලංකාවට මේ සිදුවෙලා තියන ඉතා බැරෑරුම් තත්වයට මේ රට පාලනය කල සියලු නායකයින් අඩුවෙන් හෝ වැඩියෙන් වග කිවයුතු අතර, එවන් පුද්ගලයින් ඉහලට ඔසවා තැබූ අපිද ඒ වගකීමේ කොටස් කරුවන් බව පිළිගත යුතු සත්‍යකි.

Leave a comment