සියලු දෙනාම කැපකිරීම් කරන්න සූදානම් වන්න.


රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් සියලු දෙනාම කැපකිරීම් කරන්න සූදානම් වන්න. – ජනපති

ඔව් හරියටම හරි සර් !

අනිවාර්යයෙන්ම ජනතාව කැපකිරීම් කරන්න ලෑස්තියි හැබැයි ඊට කලින් ඔයාලගේ set එකම ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙන්න ජනතාවට.

මොකද දවසකට මරණ 200කට කිට්ටු වෙන්න හේතුව ඔහෙලගේ උදච්ච කම සහ මෝඩකම කම කියන දෙකම නිසා.

  1. පළවෙනි කොරෝනා රෝගියා සනීප උනාම ඇමතිතුමිය මල් දීලා ඉඹලා මිනිස්සුන්ට කොරෝනා ගැන බය නැතිකලා.
  2. පැණියක් උස්සගෙන ඇවිත් මිනිස්සුන්ට ආයුර්වේදයට ගැන තියෙන විශ්වාසය අහස උසට ඇතිකරලා පැණිය බොරු කියලා ඔප්පු උනාම ඒක බිමටම සමතලා කරලා නැතිකලා.
  3. කොරෝනා වලට Vaccine අවශ්‍ය නෑ කියලා වියත්මගේ අය රූපවාහිනි නාලිකාවල බයිලා කියලා Vaccine ඕනි නෑ කියන තැනට මිනිස්සු පත්කලා.
  4. මිනුවන්ගොඩින් දෙවෙනි කොරෝනා රැල්ල එද්දිවත් රට සති දෙකකට වහලා පැතිරීම නවත්තනවා වෙනුවට කොරෝනා සමාජ ගත වෙන්න ඉඩ දුන්නා. හැබැයි අදටත් සමාජ ගතවෙලා නෑ කියලා තමයි ඔයාලා කියන්නේ.
  5. ඊට පස්සේ උදයංග කියන ලෝක හොරා එක්ක Ukraine සංචාරකයෝ ගෙන්නලා bio bubble දාලා උන් යන යන තැන ලංකාවේ මිනිස්සුන්ට රට වහලා පස්සේ ආපු ukraine කාරයෝ ගියාම දවස් 14ක් ලංකාවේ එයාලට සේවා දීපු අය නිරෝධායනය කරලා විගඩමක් නැටුවා. අන්තිමට උන්ගෙන් ආපු ආදායමට වඩා වියදමක් ගියා.
  6. ලෝකේ පුරාම රටවල් vaccine ගහද්දි ඔයාලම තමයි WHO එකෙන් අනුමත කරපු vaccine ගෙන්නලා මිනිස්සුන්ට දෙන එක වෙනුවට මුටිටි ගගවල් වලට දාලා ටෙස්ට් කරලා බැලුවේ.
  7. අන්තිමට ගෙනාවට පස්සේ රෝහල් සේවකයන්ට, ආරක්ෂක අංශ වලට ප්‍රමුඛත්වය දීලා ඊටපස්සේ කොරොනා වල බලපෑම වැඩිම 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට එන්නත දෙන එක වෙනුවට 30ට වැඩි හැමෝටම දෙන්න ගත්තා. 60ට වැඩි අයට එන්නත ගන්න වෙච්ච පරක්කුව නිසා මියගිය බහුතරයක් එන්නත නොගත්ත 60 වැඩි අය.

ඔවා මේ අපි කරපුවා නෙමෙයි. ඔයෙලම කර ගත්ත එව්වා.

ඇයි අපි ඔයෙලා හරක් වැඩ වලට කැප කරන්නේ !

1 thoughts on “සියලු දෙනාම කැපකිරීම් කරන්න සූදානම් වන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න