online payments නවත්තලා සර් ඔයා තමයි හොදටම කලේ


සර් ආවේ


Oracle Database,
Artificial Intelligence,
Augmented Reality
Cloud Computing,
5G,
WIFI,
Laptop,
Digital Infrastructure


වගේ සර්ටත් නොතේරෙන වචන ටිකක් ඉස්සරහට දාගෙන කියලා දැන්නම් හොදටම තේරෙනවා


ඒ කියපු වචන set එක IT කරන අපිටත් තේරුනේ නෑ එච්චරට බරපතලයි, ඒ කියපු ඒවා විශ්වාස කරලා Paypal දෙයි කියල බලන් හිටපු ජනතාවට අන්තිමට උනේ පිටරටට කරන online payment සමහරක් නවත්තලා දාපු එක සහ තවත් ඒවාට තිබ්බ බදු මුදලා 2.5% ඉදලා 7% වෙනකන් වැඩි කරපු එක.


online payments නවත්තලා රටින් පිටට සල්ලි යන එක නවත්තන්න කියලා උපදෙස් දීපු වියත්මගේ බූරුවාට කනට දෙකක් ගහලා කියන්න ICTA කියලා එකක්, SLASSCOM කියලා එකක් ලංකාවේ තියෙනවා අන්න ඒවගේ ඉන්න ලොක්කන්ගෙන් අහලා බලන්න කියලා Software Industry එකේ මිනිස්සු licensed software and software services වලට, Google services, Cloud Services, Social Media Services වලට පොඩි ගානක් ගෙවලා ඒවගෙන් පිටරට ආයතන වලට සේවය දීලා කොච්චර බිලියන ගානක සල්ලි රටට ගේනවද කියලා.


දැන් Laptop, Computer ගෙන්නන්නේ නැති නිසා Software Industry එකේ ඉදලා ඔය උපකරණ පාවිච්චි කරන හැම Industry එකකටම කෙලවෙලා තියෙන්නේ


Tab, Smart Phone ගෙන්නනේ නැති ළමයින්ට online ඉගෙන ගන්න විදිහක් නෑ.


Online Payments කරන්න බැරි නිසා Software Company, social media marketing company වල වැඩ කරගෙන යන්න බැරි තැනට පත්වෙයි ඉස්සරහට.


ඒ විතරක් නෙවෙයි online marketing and sales කරලා සල්ලි ලංකාවට ගේන company වහන්න වෙයි


සර් ඔයා තමයි හොදටම කලේ.


පොඩ්ඩක් ශවේන්ද්‍රට කියලා බලන්න ඩොලර් වෙනුවට ඉස්සර වගේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට වත් පිටරටින් අපි ගන්න services වලට ගෙවන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා බලන්න කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න