Self Lockdown


රට පුරාම නගර එකින් එක ලොක්ඩවුන් වෙමින් පවතී. විශේෂත්වය නම් එය රජයෙන් කල ඉල්ලීම් නිසා නොව ස්වයං ලොක්ඩවුන් වීමක් වීම නිසාවෙනි.

එනම් එදාවේල හම්බකරන් කන ජනතාව අනතුර දැක තමන් විසින් තමන්ගේ ආරක්ෂාව සලසාගැනීමට පටන්ගෙන ඇත.

මෙය ජනතාවගෙන් රජයට දැඩි කම්මුල් පහරක් ලෙස සැලකිය හැක. මන්ද යත් රෝහල් වලින් ලැබෙන සැබෑ කොරෝනා මරණ සහ නව කොරෝනා රෝගීන් ගැන දත්ත වෙනුවට වෙනස් කල දත්ත වලින් ජනතාව තවත් රැවටීමට නොහැකි බව එමගින් පෙන්වා ඇත.

සෞඛ්‍ය අංශවලින් රට ලොක්ඩවුන් කිරීමකින් ඉල්ලා සිටියත් රටේ වර්ථමාන ආර්ථික තත්වය අනුව රජයට එසේ කිරීමේ හැකියාවක් නොමැත. නමුත් ජනතාව ස්වයං ලොක්ඩවුන් වීමට පෙලඹීම නිසා රජය මේ අවස්ථාවේ කලහැකි වෙන කිසිවක්ද නැත.

දැන් රජය කරන්නේ ජනතාවට රට පාලනය කරන්නට දී ඔහේ බලා සිටීම පමණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න