කව්ද හොදටම කලේ??


රටේ වර්ථමාන කොවිඩ් තත්වය අනුව රෝහල් වල කාර්යමණ්ඩල මේ තියෙන හදිසි තත්වයේදි කොරෝනා රෝගීන්ගේ ජීවිත වගේම අනෙක් සාමාන්‍ය රෝගීන් ගේ ජීවිත බේරගන්න පමණයි භාවිතා කරන්න පුළුවන්.

රටේ කෝට් දෙකකට ආසන්න පිරිසකට එන්නත් කරනය කිරීමට රෝහල් කාර්යමණ්ඩල භාවිතා කලොත් මරණාසන්න ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා.

අන්න ඒ නිසා මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවට පවරපු විශේෂ රාජකාරිය තමයි එන්නත් කරනය.

මොකද රටේ යුධමය වාතාවරණයක් නොමැති නිසා සාමාන්‍ය ආරක්ෂක රාජකාරි වලට අමතරව හමුදා රෝහල් වල කාර්යමණ්ඩල සහ සාමාන්‍ය සෙබලුන් භාවිතා කොට එම කාර්යය පහසුවෙන් සිදුකළ හැකි නිසා.

මෙය රෝහල් කාර්යමණ්ඩල වලට උදව්වක් කිරීමක් පමණයි. නමුත් මෙලෙස රෝහල් කාර්යමණ්ඩල කිසිවක් නොකරන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම මහා නිහීන ක්‍රියාවක් හැටියට තමයි කියන්න වෙන්නේ.

මෙතනින් පෙන්නුම් කරන්න හදන්නේ හමුදාව තමයි හොදටම කලේ කියලා. හමුදාවට තමයි හැමදේම කරන්න පුළුවන් කියලා කියාගන්න හදන්නේ.

නොකියා කියන්නේ හැමදේම මිලිටරිකරණය කරන එක හොදයි කියලා. ඔව් හමුදාව විනයක් සහිතව තමන්ට පවරපු රාජකාරි හරියට කරනවා තමයි.

හැබැයි ඒ අනික් අයට මේ වෙලාවේ ඒ දේවල් කරන්න තියෙන අපහසුව නිසා මිසක් කරන්න බැරි නිසා නෙවෙයි.

2 thoughts on “කව්ද හොදටම කලේ??

ප්‍රතිචාරයක් ලබාදෙන්න