ආයුර්වේදය සහ Zero Deaths


ආයුර්වේද රෝහල් වලින් ප්‍රතිකාර ලැබූ කිසිවෙකුත් මිය ගිහින් නෑ.

හේතුව අසාධ්‍ය රෝගීන් සියල්ල ICU ඇදන් සහිත රජයේ රෝහල් වලට යොමු කරන නිසා.

එහෙම බැලුවොත් පුද්ගලික රෝහල්(බටහිර) වලින් ප්‍රතිකාර ලැබූ කිසිවෙකුත් මෙතක් මිය ගිහින් නෑ.

කම්මැලි කමට පත්තර වල හෙඩ්ලයින් විතරක් කියවන මිනිස්සු ඉන්න රටක මෙහෙම පුවත් දැක්කාම මිනිස්සු රැවටෙනවා. ඊට පස්සේ රට පුරාම ඒ පුවත ගිහින් කියවනවා.

තාම කොරෝනා වලට ප්‍රත්‍යක්ෂ ආයුර්වේද බෙහෙතක් රජයෙන් අනුමත කරලා නෑ.

හරිනම් කරන්න ඕනි ඔය හොයාගත්තා කියපු ආයුර්වේද සහ හෙල බෙහෙත් නිසි සායනික පරීක්ෂණ වලට යොමු කරලා ඒවගේ සාර්ථක අසාර්ථක බව හොයාගන්න එක.

නමුත් අපේ රටේ එහෙම දෙයක් වෙන බව පෙන්න නෑ. ඒක ලොකු අඩුපාඩුවක් මේ වෙලාවේ හැටියට.

මොකද එහෙම බෙහෙත් තියෙන්න පුළුවන් වගේම එහෙම තියෙනවා නම් ඒවගෙන් දැන් දරුණුවටම පැතිරෙන කොරෝනා මිනිස්සුන්ට බෝ වෙන එක සහ මරණ ප්‍රමාණය අවම කරගන්න හේතු වෙන්න පුළුවන්.

නැත්නම් වෙන්නෙ අර ධම්මික පැණිය කරපු විගඩම වගේ දේවල් නිසා මෙච්චර කල් ආයුර්වේදයට ගැන මිනිස්සුන්ට තිබ්බ විශ්වාසය බිද වැටෙන එක.

ආයුර්වේද බෙහෙත් වලින් ලෙඩ බොහෝමයක් සුව කරන්න පුළුවන්. කොරෝනාත් කවදා හරි සුව කරන්න පුළුවන් බෙහෙතක් ඔවුන් ඉදිරිපත් කරාවි.

එතකන් මෙහෙම NEWS share කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න