කොරෝනා එන්නත්කරණය (Corona/ Covid 19 Vaccination in Sri Lanka)

කොරෝනා එන්නත්කරණය (Corona vaccination program)

මේ වෙද්දි කොවිඩ් 19 රෝගය එහෙමත් නැත්නම් අපි පොදුවේ හඳුන්වන කොරෙනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යමින් පවතිනවා. එවැනි අවස්තාවක අපිට තියෙන එකම පිලිසරණ කොවිඩ් එන්නත් බවට පත්වෙලා තියෙනවා.

ඉතින් තවමත් ශ්‍රි ලංකාවේ විතරක් නෙවේ ලොකෙත් සමහර ජනතාව අතර කොරෝනා එන්නත් ගැන තියෙන්නේ දෙගිඩියාවක්. එහෙම උනත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවෙන තියෙන එකම ක්‍රමය ඒකනම් අපිට එන්නත් ලබාගන්නම වෙනවා කියන එක තමයි වෛද්‍යයවරයෙක් විදියට මගේ මතය.

කොරොනා කියන්නේ මොකක්ද?

කොරෝනා එහෙමත් නැත්නම් කොවිඩ් 19 කියන්නේ මොකකද කියලා අපි කලිනුත් කතා කලා. කොරොනා කියන්නේ ස්වසන රෝග සඳහා දායක වන වෛරස විශේෂයක්. ඒ එක්ක සාර්ස් මර්ස් වගේ බරපතල වෛරස වලටත් දායක වෙලා තියෙනවා.

කොවිඩ් රෝගය වලක්වා ගැනීමට දැනට තියෙන ක්‍රම මොනවද?

තවමත් කොවිඩ් රෝගය කියන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමයක් නැති රෝගි තත්ත්වයක්. අපිට රෝගය සුව වෙන්නනම් අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන්ම එය ස්වාභාවිකව සුව කරන්න ඔනේ. එහෙම උනත් එය පහසු කරන්න විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නමුත් මේ ඇරෙන්න වැදගත්ම දේ තමයි රෝගය නොහැදෙන විදියට පරිස්සම් වෙන එක.

කොවිඩ් රෝගය වලක්වා ගැනීමට දැනට තියෙන ක්‍රම මොනවද?

තවමත් කොවිඩ් රෝගය කියන්නේ නිසි ප්‍රතිකාර ක්‍රමයක් නැති රෝගි තත්ත්වයක්. අපිට රෝගය සුව වෙන්නනම් අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන්ම එය ස්වාභාවිකව සුව කරන්න ඔනේ. එහෙම උනත් එය පහසු කරන්න විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නමුත් මේ ඇරෙන්න වැදගත්ම දේ තමයි රෝගය නොහැදෙන විදියට පරිස්සම් වෙන එක.

නිසි සෞඛ්‍යය පුරුදු

ඉතින් කොරෝනා රෝගයෙන් වැලකීම ගැන කතා කරද්දි වැදගත්ම දේ තමයි නිවැරදි සෞඛ්‍යය පුරුදු. ඒ කියන්නේ වෙලාවට කන බොන එක, දෛනිකව පොඩියට හරි එක්සයිස් ටිකක් කරන් එක, හොද නින්දක් ලබාගන්න එක, හොදට වතුර බොන එක, ඉදලා හිටලා කොත්තමල්ලි වගේ පානයක් ගන්න එක වගේ දේවල්.

සෞඛාරක්ෂිත ක්‍රම

නමුත් එනතින් එහාට ගියාම තමත් වැදගත් දෙයක් තමයි විවිධ සෞඛාරක්ෂණ ක්‍රමවේද ගෙදරින් එලියට යද්දි මාස්ක් එකක් දාන එක, සැනිටයිසස් පාවිච්චි කරන එක, නිතර අත හෝදන එක, සමාජ ඇසුර අඩු කරන එක වගේ දේවල්.

කොවිඩ් 19 එන්නත්කරණය

ඒ එක්කම කොවිඩ් එන්නත් ලබාගැනීම මගින් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගයට පෙර සුදානම් කරන එක. උදාහරණයක් විදියට අපි ඉන්දියාවේ ක්‍රිකට් ගහනන් සංචාරයක් යද්දි ජාතික ටීම් එක එක්ක සෙල්ලම් කරන්න කලින්, () ටීම් එකත් එක්ක ෆ්‍රැක්ටිස් මැච් එකක් ගහලා වෝම් අප් වෙනවා වගේ. එතකොට අපි කලින්ම දනන්වා ග්‍රවුන්ට් එක මොනවගේද කියලා, අපේ ටීම් එක කොච්චර දුරට මැච් එකකට මුහුන දෙන්න සුදුසුද කියලා, ඒ එක්කම ඉන්දියන් ජාතික ටීම් එක මොනවගේ වේවිද කියලා.

ලංකාවේ භාවිතා කරන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මොනවාද ?

  1. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත
  2.  චීනයේ නිෂ්පාදිත සයනෝෆාර්ම් එන්නත
  3.  ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් බයෝටෙක් එන්නත
  4.  ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත
  5.  ‍රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත

1. Oxford–AstraZeneca Vaccine ( ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත)

එන්නත බ්‍රිතාන්‍යය මගින් හඳුන්වා දුන් එන්නතක්. ශ්‍රි ලංකාවට ලැබෙන එන්නත නිෂ්පාදිත රට වන්නේ ඉන්දියාවයි. පලමු එන්නතෙන් පසුව 76%කට ආසන්න ප්‍රතිශක්තීකරණයක්ද දෙවන එන්නතට පසුව 81% පමණ ප්‍රතිශක්තීකරණ මට්ටමකද ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.

2. Sinopharm-BBIBP Vaccine ( සයනෝෆාර්ම් එන්නත)

මෙම එන්නත චීනයේ නිෂ්පාදිත එන්නතක් වෙනවා. ශ්‍රි ලංකාව තුළ බහුලවම භාවිත වු එන්නත මෙයයි. මෙම එන්නත පිලිබඳ බොහෝ කරුණු තවමත් නිසි ලෙස ඉදිරිපත් කර නැතු වූවද එමගින් 78% ක පමණ ප්‍රතිශක්තීකරනයක් ලබා දිය හැකි බව සඳන වෙනවා. නමුත් ශ්‍රි ලංකාව තුළ සිදුකල සමහර සමීක්ෂණ අනුව මෙය 95% පමණ ප්‍රතිශක්තීකරණ මට්ටමක් ලබාදිය හැකිබව පෙන්වා දී තිබෙනවා.

3. Pfizer–BioNTech Vaccine (ෆයිසර් බයෝටෙක් එන්නත)

pfizer vaccines in Sinhala

ෆයිසර් එන්නත ඇමරිකාව තුළ නිපදවු ඉතා සාර්ථක එන්නතක ලෙස හඳුන්වන්න පුලුවන්. මෙහි සාර්තකත්වය 95% කට ආසන්න බව පෙන්වලා දීලා තියෙනවා. එහෙම උනත් ශ්‍රි ලංකාවේ තිබෙන පහසුකම් අනුව දීර්ඝ කාලීනව ගබඩා කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා.

4. Moderna vaccine (මොඩර්නා එන්නත)

moderna covid 19 vaccine in Sri Lanka

මෙයද ෆයිසර් එන්නතට සමන ක්‍රියාකාරීත්වයක් දක්වන කොවිඩ් එන්නතක් ලෙස හඳුනා දෙන්න පුලුවන්. මෙය 94% ක ප්‍රතිශක්තීකරණ හැකියාවක් පෙන්වන බව සඳහන් වෙනවා.

5. Sputnik V vaccine (ස්පුට්නික් වී)

ස්පුට්නික් එන්නත ‍රැසියාවේ නිපද්වු සාර්ථක එන්නතක් ලෙස හඳුන්වන්න පුලුවන්. මෙය 91%ක පමණ සාර්ථකත්වයක් පෙන්වලා තියෙනවා.

 

6. Johnson & Johnson Vaccine (ජොන්සන් ඇන්ඩ් ජොනසන් කොරෝනා එන්නත)

මීට අමතරව ජොන්සන් ඇඩ් ජොන්සන් එන්නත ලංකාවේ භාවිතා නොවුනත් ලොකු හැකියාවක් තියෙන එන්නතක් ලෙස දක්වන්න පුලුවන්.

කොරෝනා එන්නත්වල අතුරු ආබධ තියෙනවාද? (Side effects of corona vaccines)

ඔව් ඔනැම ඖෂධයක වගේම ඇන්නත් වලත් අතුරු ආබාධ තියෙන්න පුලුවන්. නමුත් ඒවා මාරාන්තික ඒවා නෙවේ. ඒ එක්කම එවාගෙන කාවවත් වඳවෙන්නේ නැ. තවදුරටත් කතා කරද්දි එක එක එන්නතේ අතුරු ආබාධ එකකක්ට එකක් වෙනස් වෙනවා. පොදුවේ ගත්තාම කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ වලට සමාන ලක්ෂණ එන්න පුලුවන්

  1.  උණ
  2.  අධික ඇගපත වේදනාව
  3.  වමනය
  4.  හිස රදය
  5.  බඩේ අමාරුව  

මීට අමතරව එන්නතේ යොදාගන්නා සමහර රසායනික ද්‍රව්‍යයන්ට අසාත්මික වෙන්න පුලුවන්.

කොවිඩ් එන්නත ගර්භනි මවුවරුන්ට සුදුසුද?

covid 19 vaccine in pregnancy

ඔවු එය පලමු මාස 3න් පසුව ගර්භනි මවුවරුන්ට සුදුසුයි

කොවිඩ් එන්නත දරුවන්ට සුදුසුද?

මේ වෙන්කොට ලෝකයේ බොහෝ රටවල කොරෝනා එන්නත දරුවන්ට දීම සම්බන්ධව පරික්ෂණ පැවැත්වෙනවා. ඒ එක්කම ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් බොහෝ රටවල අවුරුදු 12ට වැඩි දරුවන්ට එම එන්නත දීම ආරම්භ කරලා තියෙනවා.

කොවිඩ් එන්නත වකුගඩු රෝගින් , දියවැඩියා රෝගීන් , හෘද රෝගීන්, සහා පිලිකා රෝගීන්ට සුදුසුද?

ඔබට කුමක්හෝ දීර්ඝ කාලීන අසනීපයක් පවතීනම් ඔබ අනිවාර්යෙන්ම එන්නත ලබා ගත යුතුයි. ඒ අතර වකුගඩු රෝගීන් , පිලිකා රෝගීන් විශේෂයි. ඒ හැරුනාම දියවැඩියාව , පපුවේ අමාරුව සහිත රෝගීනුත් මේ එන්නත ඉක්මනින් ලබා ගත යුතු වෙනවා.

කොවිඩ් එන්නත නුසුදුසු කා සඳහාද? (Contraindications for corona vaccine)

  1.  ඔබ ලගා ගන්නා එන්නතේ අඩංගු සංයෝග එකකට හෝ වැඩි ගනන්කට අසාත්කික ප්‍රතික්‍රියා ඇතිවිය හැකි පුද්ගලයන්
  2.  රුධිරය කැටි ගැසීමේ දුර්වලතා සහිත පුද්ගලයන්
  3.  මාස 3ට අඩු ගර්භ්හනී මවුවරුන්
  4. දැනට උණ හෝ එවැනි ආසාදිත රෝගයක් පවතින පුද්ගලයන්

කොවිඩ් එන්නත ලබා ගත හැකි ක්‍රම (How to get Covid 19 Vaccine )

දැනට ශ්‍රි ලංකාව පුරා පවතින විවිධ ස්ථාන වල යුධ හමුදාවේද සහය ඇතිව සෞඛ්‍යය අමාත්‍යංශය විවින් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව;

  • තෝරාගත් රෝහල්
  • සෞඛ්‍යය වෛද්‍යය නිළධාරී කාර්යාල
  • හමුදා රෝහල්

වැනි ස්තාන මූලික කරගෙන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

විශේෂගතවන සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම (Pfizer vaccination for students awaiting for foreign studies)

දැනට යුරෝපයේ බොහෝ රටවල ඇතුලුවීම සඳහා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් දෙකෙන් එකක් ලබාගෙන තිබීම වැඩහගත් වෙනවා. ඒ අනුව විදේශගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට පහත ලින්කුව ආදාරයෙන් එය විද ගැනීමට හැකියාව පවතිනවා. 
https://pre-departure-vaccine.covid19.gov.lk/

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

1 comment

Leave a comment

Your email address will not be published. Required fields are marked *