Augmented Reality සහ Vaccination Card


Augmented Reality පාවිච්චි කරලා app හදලා Artificial Intelligence වලින් රට පාලනය කරන්න හදපු මනුස්සයාට ඕවා කරන්න උපදෙස් දුන්න උන්ට දැන් කොහෙද දන්නේ නෑ.

එන්නත් දෙකම ගහපු නොගහපු අය හොයාගන්න අන්තිමට එන්නත් කාඩ් එක උස්සන් හැම තැනම යන්න වෙන තැනටම පත්කලා.

යකෝ පොඩි app එකක් හදලා පොලිසියට හරි හමුදාවට හරි දුන්නානම් ID number එක ගහලා ඔය එලියට එන අයට එන්නත දීලාද නැද්ද කියලා බලන්න ඔය කාඩ් අරන් දුවන්න ඕනි නෑ.

අනික ඒ app එකට ඔය එන්නත් ගහන වෙලාවේ අපෙන් ගත්‍ත විස්තර ටික විතරයි ඕනි. ඒකෙන්ම බලාගන්න පුළුවන් ඒ ඒ ග්‍රාම සේවා වසමේ ජීවත් වෙන පිරිසෙන් කොච්චරක් එන්නත අරන්ද කියලා බලලා නොගහපු අයට දෙවෙනි එන්නත ලබාදෙන්න වගේම එන්නත නොගත්ත අය හොයලා එන්නත් ගස්සවන්නත්

කොහෙද එහෙම උපදෙස් දෙන්න මොලයක් එකෙක්ට වත් නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න