හිනාවෙවී අඩන්න වෙන ගෑස් අර්බුධය


ලංකාවේ ගෑස් සමාගම් දෙකයි ඒ ලාෆ් සහ ලිට්‍රෝ.

ලාෆ් සමාගමට ගෑස් ගෙන්වන්න ඩොලර් දෙන්න ලංකාවේ බැංකු කිසිම එකක ඩොලර් නෑ.

ඒනිසා ලාෆ් සමාගමට ගෑස් ගෙනන්න විදිහක් නෑ.

ඔන්න ඔය ගැටලුව නිසා ලාෆ් ගෑස් ගත්ත මිනිස්සු හරි පරිස්සමින් දැන් තියන ගෑස් ටික පාවිච්චි කරන්නේ.

ගෑස් ඉවර මිනිස්සු පුළුවන් අයදැන් සති දෙකක් වගේ ලාෆ් ගෑස් එන්නේ කවද්ද කියලා බල බලා හිස් සිල්න්ඩරේ ගෙදර තියන් දර ලිපේ උයනවා.

දර වලින් උයන්න බැරි මිනිස්සු හොට් ප්ලේට් හොයනවා උයාගන්න කරන්ට් එකෙන් හරි.

සමහරු ගාව නම් ලාෆ් වගේම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් දෙකම තියෙනවා නමුත් මේ ටිකේ ලිට්‍රෝ ගෑසුත් ගන්න නෑ. අළුතින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ගන්න දෙන්නෙත් නෑ.

දැන් ලාෆ් ගෑස් පාරිභෝගිකයන් විතරක් නෙවෙ ලිට්‍රෝ අයටත් ගෑස් නෑ ඕනි වෙලාවට.

ලාෆ් ගෑස් සිලින්ඩර් දීලා ලිට්‍රෝ ගෑස් ගන්න විදිහක් ඇත්තෙත් නෑ.

අන්න ඒ නිසා ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට විසදුමක් දෙන්න එයාලා පාරට බහින්නම ඕනද?

එහෙම පාරට බැස්සොත් JVP ලේබල් එක වදීද?

අනෙක් පක්ෂ වල අය ලාෆ් ගෑස් පාවිච්චියට ගන්නේම නැද්ද?

මේක පක්ෂ වලට අදාල දෙයක් නෙවෙයි පොදුවේ අපි හැමෝගෙම ප්‍රශ්නයක් බව තේරෙන්නේ නැද්ද?

හැම ප්‍රශ්නයකටම දේශපාලනය ගාව ගන්න හරක් ට පේන්න මේක ශෙයාර් කරන්න.

(ඔය අස්සේ ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිලියනයක් ගෙන්නලා කරන්න හදන්නේ අනික් ව්‍යාපාරය වට්ටලා දාන්න නම් මේ රටේ වෙළෙඳ එකාධිකාරයක් ඇති කරන්න නම් අපි හැමෝටම අනාගතයේ හොද පරිප්පුවක් කන්න වෙයි වගේ)

රෝහණ කේ අමරකෝන්

1 thoughts on “හිනාවෙවී අඩන්න වෙන ගෑස් අර්බුධය

ප්‍රතිචාරයක් ලබාදෙන්න