උද්ඝෝෂණ, කෝරෝනා සහ පාලකයෝ


දිනකට මරණ සියයට ආසන්නව දකින්නට ලැබෙන කොරෝනා අධි අවදානම් වූ මෙවන් කාල පරිච්චේදයක

ඉල්ලීම් උදෙසා පාරට බැස උද්ඝෝෂණය කිරීම තමන්ගේ මරණයට තමන්ම අතවනා ගැනීමක් බව උද්ඝෝෂකයන් සියල්ලම සියල්ලම තේරුම් ගතයුතුය.

ඉල්ලීම් දිනා ගැනීමට මිනිසුන් පාරට එන තෙක් පාලකයන් අන්ධයන් සේ හැසිරීමද කිසිසේත්ම අනුමත කළ නොහැක.

මේ දෙගොල්ලම කරන්නේ කොරෝනාව නිසා මේ රට තවත් අගාධයකට ඇද දැමීම පමණයි.

පාලකයනි, ඔබට පොහොර ඉල්ලන ගොවියන්ටද? වැටුප ඉල්ලන ගුරුවරුන්ටද? ගිනිගත් නැව නිසා රැකියාව කරගැනීමට නොහැකිවූ ධීවරයන්ගේ වන්දි ඉල්ලීමටද? ඉතා ඉක්මනින් සධාරණයක් ලබාදිය යුතුය.

උද්ඝෝෂකයිනි, ඔබත් ඔබගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් තමන්ගේත් තම පවුලේ අයගේත් ජීවිත අවධානමේ දමා පාරට බැසීම වෙනුවට පාලකයන්ට දැනෙන්නට විරෝධයක් දක්වන්න වෙනයම් නිර්මාණශීලි ක්‍රියාමාර්ගයක් සොයාගන්න.

ඉල්ලීම් ලබා නොදි මිනිසුන් පාරට බස්සා මරණයට දක්කන පාලකයන්ගේද? ඉල්ලීම් වෙනුවෙන් තමන්ගේ මරණය ගැන නොතකා පාරට බසින උද්ඝෝෂකයන්ගේද? දායකත්වයේන් මේ රට ඉතාම ඉක්මනින් විශාලා මහනුවරක් වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න