ඉන්දියාවේ කොරෝනා ආසාදන ප්‍රතිශතය ඉහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 2, 2021

ඉන්දියාවේ කොරෝනා ආසාදන ප්‍රතිශතය ඉහළට

ගතවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 41,831 ක් වාර්තා වූ බවත් ඒ අනුව, එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන තුන්කෝටි දහසය ලක්ෂය ඉක්මවා ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ වාර්තා වී ඇත්තේ 541 ක් ලෙසිනි. 

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන 4,24,000 පසු කළේය. කොරෝනා ආසාදතියන් සෙවීමේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙන පුද්ගලයින් අතරින් ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය, ප්‍රාන්ත 10ක සියයට 10 ඉක්මවා ඇති බව සමස්ත ඉන්දීය වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථාන ලෙස සැලකෙන්නේ කේරළය, මහාරාෂ්ට්‍ර, කර්නාටක, තමිල්නාඩුව, ඔඩීෂා, ඇසෑම්, මීසොරාම්, මේඝාලය, ආන්ද්‍ර ප්‍රදේශ් සහ මනිපූර් යන ප්‍රාන්ත යැයි ද ඉන්දීය වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom