සෙනුර සහ බිමන්දීගෙන් වැඩි දස්කම්

104

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු මේසපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය දා පැවැත්වුනා. මෙම තරග ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ මෙහෙයවීම යටතේ සංවිධානය කර තිබුණා.

ආසියානු මේසපන්දු ශූරතාවලිය 2021 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා දක්වා දෝහා කටාර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා වත්මන් දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානවල රැඳී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා බැගින් සහභාගී වූ අතර ඔවුන් එකිනෙකා සමඟින් වට පහකින් යුත් තරග සඳහා සහභාගී වී තිබුණා. 

තවත් ක්‍රීඩා පුවත්:

තරගාවලියේ මූලික වටයේ පිරිමි තරග ප්‍රතිඵල මෙසේයි.

සෙනුර සිල්වා (ආනන්ද විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 7

ජයග්‍රහණය කළ තරග

  • චමීර ගිනිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) 3/0
  • මිලින්ද ලක්ශිත (OMBC) 3/0
  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/2
  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/0
  • බී.එන්.බී. ජයසිංහ (MAS) 3/0
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/1, 
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/0 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සංවිධානය යටතේ පිරිනමන Crysbro අනුග්‍රාහකත්වය හිමිවන්නේ ද සෙනුර සිල්වා හටයි.

චමීර ගිනිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 6

ජයග්‍රහණය කළ තරග

  • මිලින්ද ලක්ශිත (OMBC) 3/2
  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/2
  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/1
  • බී.එන්.බී. ජයසිංහ (MAS) 3/2
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/0
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/2 

මිලින්ද ලක්ශිත (OMBC)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 5

ජයග්‍රහණය කළ තරග

  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/2
  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/0
  • බී.එන්.බී. ජයසිංහ (MAS) 3/0
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/1
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/2

ඉමන්ත උදන්ජය (යුධ හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 4

ජයග්‍රහණය කළ තරග

  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/1
  • බී.එන්.බී. ජයසිංහ (MAS) 3/0, 
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/2
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/2 

නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • බී.එන්.බී. ජයසිංහ (MAS) 3/2 
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/2
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/1 

බී.එන්.බී. ජයසිංහ (MAS) 

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/2
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/1 

චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 1

ජයග්‍රහණය කළ තරග

  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/2 

තරගාවලියේ මූලික වටයේ කාන්තා තරග ප්‍රතිඵල මෙසේයි.

බිමන්දී බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 6

ජයග්‍රහණය කළ තරග

  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/1
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/1
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/0
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/0
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/1
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සංවිධානය යටතේ පිරිනමන Crysbro අනුග්‍රාහකත්වය හිමිවන්නේ ද බිමන්දී බණ්ඩාර හටයි.

ඉශාරා මධුරංගි (SLPA)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 5

ජයග්‍රහණය කළ තරග

  • බිමන්දී බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය) 3/2
  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/1
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/1
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/1
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/0

තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 4

ජයග්‍රහණය කළ තරග

  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/1
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/0
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/1
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0. 

හංසනී පියුමිලා (නාවික හමුදාව) 

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 4

ජයග්‍රහණය කළ තරග

  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/1
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/0, 
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/0. 

අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 4

ජයග්‍රහණය කළ තරග

  • ඉශාරා මධුරංගි (SLPA) 3/1
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/0
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/2
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/0. 

ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/1
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/2 

චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • ඉශාරා මධුරංගි (SLPA) 3/1 
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/2 

මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 1

ජයග්‍රහණය කළ තරග

  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0 

කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබූ නීති රීති ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගාවලිය මෙයයි. මෙම තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ පැවැත්වුනා.

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ මාධ්‍ය නිවේදනය ඇසුරිනි  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<