පන්දු රකින්නෙකු ලෙස ඉහළ දක්‍ෂතා දැක්වීමට මඟ පාදන Sports Vision

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Visionහි ‘Elevate Your Game’ | III කොටස - ක්‍රිකට් (පන්දු රැකීම)

883
Sports Vision training

ක්‍රිකට් සංචිතයකට ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී පන්දු රැකීමේ අංශයෙන් ඔවුන් දක්වන කුසලතාවයන් ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි. ඊට හේතුව වන්නේ ඔබගේ ප්‍රධාන කාර්යභාරය පිතිකරණය වුවත්, පන්දු යැවීම වුවත් අවසානයේ දී ඔබට පන්දු රැකීමේ වගකීම අනිවාර්යයෙන් ම ඉෂ්ට කිරීමට සිදුවීමයි.  

හොඳ පන්දු රකින්නෙකු වීමට නම් සුචල්‍ය බවක් සහ ඉහළ පූර්වාපේක්ෂණයක් (Premonition) ඔබ සතුව තිබිය යුතු අතර තවදුරටත් ඒවා වැඩිදියුණු කරගැනීමට නිරන්තර පුහුණුවීම් කටයුතු සිදු කළ යුතුය. තරගයක් අතරතුර පන්දු රැකීමේ දී ඔබ අතින් සිදු වන ඉතා සුළු අතපසුවීමක් වුවද තරගයේ අවසන් ප්‍රතිඵලයට ඉතා විශාල ලෙස ඉවහල් විය හැකි බැවින් පන්දු රැකීමේ අංශය ඔබට කිසිසේත් ම මඟහැරිය හැකි පැතිකඩක් නොවේ. ඒ අනුව ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් දියුණු කිරීම හරහා ඔබට පන්දු රැකීමේ කුසලතාවයන් වැඩිදියුණු කරගැනීමට මඟපාදා ගතහැක. 

Sports Vision trainingකෙසේ නමුත් මෙහි වැදගත්කම තේරුම් ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තවමත් අපොහොසත් වී ඇත. මෙම සමීකරණය ඉතාමත් සරල එකකි. එනම් ඔබගේ පෙනීම ඉහළ මට්ටමක පවතිනවා නම් ඔබට වඩාත් හොඳින් පන්දු රැකීමේ නිරත විය හැකිය. ඉතින් මේ හේතුව නිසාවෙන් Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හරහා ඕනෑම තලයක සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය පන්දු රැකීමේ කුසලතාවයන් ඉහළ නංවා ගැනීමට මනා පිටිවහලක් ලබා ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමාන ය. 

Sports Vision යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෘශ්‍ය කුසලතාවයන් වැඩිදියුණු කිරීම හරහා එම අදාළ ක්‍රීඩාවේ ඔවුන් දක්වන දක්‍ෂතාවයන් ඉහළ නැංවීමේ විද්‍යාව යි. එය ඔබගේ මොළය සහ දෑත් අතර ඇති සම්බන්ධතාවය සවිමත් කරන විවිධ ක්‍රමෝපායන් සහ පුහුණු ක්‍රම රැසකින් සමන්විත වේ. මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් මෙම ක්‍රියාවලිය දෘශ්‍ය සැකසුම ලෙස ද හඳුන්වනු ලබයි. 

ඒ අනුව අප පළමුව කඩුලු රකින්නන් නොවන සාමාන්‍ය පන්දු රකින්නන් හට Sports Vision හරහා සිය කුසලතාවයන් වැඩිදියුණු කරගත හැකි ආකාරය ගැන සොයා බලමු. 

Visual Clarity 

පන්දු රැකීමේ තීරණාත්මක ම පැතිකඩක් වන්නේ පන්දුවේ ගමන්මගට අනුව නිසි පරිදි ස්ථානගත වීම සඳහා හැකි ඉක්මනින් තමන් පන්දුව දෘෂ්ටියේ ග්‍රහණයට නතුකර ගැනීම යි. ඉතා වේගයෙන් සිදුවන මෙම ක්‍රියාවලිය ඔබ හොඳ පන්දු රකින්නෙක් ද, එහෙමත් නැත්නම් දුර්වල පන්දු රකින්නෙක් ද යන්න නිර්ණය කළ හැකිය. 

‘Covers’ හෝ ‘slip’ වැනි ඉතා අසීරු පන්දු රැකීමේ ස්ථානවල දී පන්දුව තමන්ගේ දෘෂ්ටියට නතුකර ගෙන ඊට අනුකූලව ප්‍රතික්‍රියා කිරීම සඳහා ඔබට ලැබෙන්නේ තත්පරයකටත් අඩු කාලයකි. මෙම ක්‍රියාවලිය සඳහා ඔබගේ අනෙකුත් ශාරීරික පැතිකඩයන් යම්කිසි බලපෑමක් එල්ල කරනු ලැබුවත් එහි දී ඉතා වැඩි වශයෙන් ඉවහල් වන්නේ ඔබ පන්දුව හැකිතාක් ඉක්මනින් දෘෂ්ටියට ග්‍රහණය කරගැනීමට දක්වන කුසලතාවය යි. 

සරලව ම දැක්වුවහොත් ඔබට ඉතා ඉක්මනින් පන්දුව දැක ගත හැකි නම් ඔබ ඉක්මනින් ඊට ප්‍රතික්‍රියා දැක්වීම ආරම්භ කරන අතර අනතුරුව ඒ හරහා ඔබට පන්දුව වෙතට වේගයෙන් ළඟා විය හැකිය. ඉතින් මේ ඔස්සේ ඉතා අසීරු උඩපන්දු පවා ඔබට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට මඟ පෑදෙනු ඇත. 

Contrast Sensitivity 

හොඳයි, ඔබ දැන් පන්දුව ඉක්මනින් සහ කලින් දැකගෙන අවසන්. මීළඟට කුමක්ද? පන්දුව ඉතා වේගයෙන් චලනය වෙද්දී එම අවස්ථාව තුළ පවතින ආලෝක තත්වය ද ඇතුළුව අනෙකුත් බාහිර සාධක සියල්ල මධ්‍යයේ ඔබ පන්දුව කෙරෙහි ම ඔබගේ අවධානය රඳවා ගන්නේ කෙසේ ද? 

Sports Vision trainingමිනිස් මොළය විසින් චලනය වන යම්කිසි වස්තුවක් ලුහුබඳින්නේ එම අදාළ වස්තුව සහ පසුබිම අතර පවතින වෙනසට අනුව යි. ක්‍රීඩාංගණය තුළ පන්දු යවන්නන්ගේ පසුපසට වන්නට එම අදාළ තරගය තුළ භාවිතා වන පන්දුවේ පැහැයට වෙනස් පැහැයකින් ‘sight-screen’ යොදා ගනු ලබන්නේ මේ හේතුව නිසාවෙනි. 

ඒ අනුව ඔබ විදුලි ආලෝකය මධ්‍යයේ, අඳුරු හෝ ඉතා පැහැබර කාලගුණ තත්වයක් යටතේ යන කුමන ආලෝක තත්වයක් යටතේ ක්‍රීඩා කරනු ලැබුවත් මෙම කුසලතාවය වැඩිදියුණු කරගැනීම ඔස්සේ පසුබිම තුළ පන්දුව දෘෂ්ටියේ ග්‍රහණයෙන් ඉවතට යන්නට ඉඩ නොදී ඔබට දිගට ම ඔබේ අවධානය පන්දුව කෙරෙහි ම පවත්වා ගැනීමේ හැකියාව ළඟාකර ගතහැක. 

Depth Perception 

ඕනෑම චලනය වන වස්තුවක් අල්ලා ගැනීමට හෝ ග්‍රහණය කරගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ මෙම කුසලතාවය හේතුවෙනි. ඒ අනුව මෙම කුසලතාවය සැබැවින්ම ඔබ එම අදාළ වස්තුව අල්ලා ගැනීම සඳහා දෑත් යොමු කළ යුතු අවස්ථාව සංඥා කරන ඔබේ හිස තුළ ඇති මුහුර්තකයක් වැනිය. 

ඒ අනුව පන්දු රකින්නන් විසින් මෙම කුසලතාවය වැඩිදියුණු කිරීම ඉතා තීරණාත්මක වන්නේ පන්දුව තමන් දෙසට චලනය වීමේ දී එය තමන්ට කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කරගැනීමට, උඩපන්දුවක් ලබා ගැනීමේ දී එය නිසිපරිදි ගණනය කරගැනීමට සහ පන්දුවක් නවතාලීමට උත්සාහ කිරීමේ දී එය නිසියාකාරව සිදු කිරීමට ඒ ඔස්සේ අවස්ථාව ලැබෙන හෙයිනි. 

Eye-hand Coordination

මෙය ඕනෑම ක්‍රීඩාවක දී අතිශය වැදගත් වන කුසලතාවයකි. ඒ අනුව ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක සතුව තමන්ගේ මොළය සහ අත් පා අතර මනා සම්බන්ධීකරණයක් පැවතීම අත්‍යාවශ්‍ය වේ. 

Sports Vision trainingමෙහි දී මොළයේ සංවේදක දැනුවත්භාවය ලෙස කටයුතු කරනු ලබන්නේ ඔබගේ පෙනීම යි. එය ඇස්-දෙඅත් සම්බන්ධීකරණය ලෙස හඳුන්වනු ලබන්නේ ඒ නිසාවෙනි. ඒ අනුව ලැබෙන දෘශ්‍ය තොරතුරු මත ක්‍රියා කිරීමට මොළය පුහුණු කිරීම හරහා ඔබට ඉතා විශාල ලෙස ඔබගේ ඇස්-දෙඅත් සම්බන්ධතාවය දියුණු කරගැනීමේ හැකියාව පවතී. 

හොඳයි, එසේ නම් මේවා කඩුලු රකින්නන්ගේ දක්‍ෂතාවයන් කෙරෙහි බලපාන්නේ කෙසේ ද? අපි දැන් ඒ ගැන සොයා බලමු. 

ඉහත සඳහන් කර ඇති පළමු කුසලතාවයන් දෙක කඩුලු රකින්නන්ට ද බලපාන්නේ ඒ ආකාරටම යි. කෙසේ නමුත් ඉහත තෙවැනි සහ සිව්වැනි කුසලතාවයන් කඩුලු රකින්නන් හට ඉතා ප්‍රබල ලෙස වැදගත් වේ. 

Depth Perception 

පිතිකරුවන්ට ආසන්නයේ සිටින පන්දු රකින්නන්ට මෙන්ම කඩුලු රකින්නන්ට ද ඔවුන් දෙසට පන්දුව පැමිණෙන විට ඉතා වේගවත්ව ඊට ප්‍රතික්‍රියා දැක්වීමට සිදු වේ. එමෙන්ම මෙහි දී කඩුලු රකින්නන්ට පන්දුව පතිත වන ස්ථානය මෙන්ම එහි ඉලිප්පීම කෙරෙහි ද අවධානය යොමු කරමින් ඊට අනුගතව හැඩගැසීමට ද සිදු වේ. ඒ අනුව මෙම කුසලතාවය වැඩිදියුණු කිරීම හරහා ඔවුන්ට පන්දුව ගමන් කරන වේගය නිර්ණය කරගැනීමට ද මඟ පෑදෙනු ඇත. 

Eye-hand Coordination

බොහෝ අවස්ථාවල දී සිදු වන්නේ පන්දු රකින්නන් විසින් පළමුව පන්දුව සිය දෘෂ්ටියට නතුකර ගෙන අනතුරුව ඊට ප්‍රතික්‍රියා දැක්වීම යි. නමුත් කඩුලු රකින්නන් හට මෙය තරමක් වෙනස් විය හැක. 

ඒ අනුව කඩුලු රකින්නේකුගේ දෑත් පන්දුවත් සමඟ ම චලනය විය යුතුය. එහි දී දෑස් පන්දුව දර්ශනය කරගත් වහාම ඔහුගේ දෑත් මෙන්ම ශරීරය ද ඊට අනුකූලව ප්‍රතික්‍රියා කිරීම අනිවාර්ය වේ. මෙය නිසිපරිදි සිදුවීමට නම් ඔබගේ ශරීරය සහ මොළය අතර මනා සම්බන්ධීකරණයක් පැවතීම ඉතා තීරණාත්මක කරුණකි. 

ඉහත විස්තර කර ඇත්තේ පන්දු රැකීමේ දක්‍ෂතාවයන් ඉහළ නංවා ගැනීම උදෙසා Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හරහා ඔබට වැඩිදියුණු කරගත හැකි කුසලතාවයන් අතළොස්සක් පමණි. 

එහි දී ඒ කෙරෙහි ඔබට වැඩිදියුණු කරගත හැකි තවත් කුසලතාවයන් රැසක් අපට හඳුනා ගත හැක. 

  1. Reaction Time – දෘශ්‍ය උත්තේජන වලට කෙතරම් ඉක්මනින් සහ කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වනවා ද?
  2. Target Capture – චලනය වන වස්තූන් වලට ඔබේ අවධානය රඳවා ගැනීමේ හැකියාව.
  3. Near/Far Quickness – වේගයෙන් අවධානය වෙනස් කිරීමට ඇති හැකියාව (ළඟ සිට දුර සහ දුර සිට ළඟ). පන්දුව ග්‍රහණය කරගත් වහාම කඩුලු කෙරෙහි එය ඉලක්ක කළ යුතු බැවින් දුවද්දී දැවී යාම් ලබාගැනීමේ දී මෙය වැදගත් විය හැකිය. 
  4. Go/No Go – තීරණයක් ගැනීමේ සහ පීඩන සහගත අවස්ථාවල දී ප්‍රතිචාර දැක්වීමේ වේගය. උඩපන්දුවක් කෙරෙහි දිවයාමට හෝ නොයාමට, එය රැකගැනීමට පැනීමක් සිදු කිරීමට හෝ නොකිරීමට හෝ පන්දුව යොමු කළ යුත්තේ කුමන අන්තයට ද? වැනි දේවල් තීරණය කිරීමේ දී එහි සාර්ථකත්වය මෙම කුසලතාවය මත රඳා පැවතිය හැක. 

කොළඹ නගරයේ පිහිටා ඇති Vision Care හි අති නවීන මධ්‍යස්ථානයේ ඇති ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් තුළින් ඉහත සඳහන් කර ඇති කුසලතාවයන් ද ඇතුළුව තවත් කුසලතාවයන් රැසක් ඔබට වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතී. එහි දී ‘Strobe Eyewear’ වැනි උපාංග භාවිතා කිරීම අතිශය ප්‍රයෝජනවත් විය හැකිය. 

තවත් කියවන්න;

‘Strobe Eyewear’ තුළ ඇති කාචයන් ‘liquid crystal’ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැහැදිලි සහ පාරදෘශ්‍ය බව අතර චංචලනය වෙමින් දෘශ්‍ය තොරතුරු ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර ඒ හරහා අදාළ පරීක්ෂණයට ලක්වන්නා හට පෙනීම අපහසු කටයුත්තක් බවට පත්කරයි. 

Sports Vision trainingමේ තුළින් අවසානයේ ඔවුන්ගේ ඇස්, මොළය සහ ශරීරයට දෘශ්‍ය තොරතුරු ඉතා කාර්යක්‍ෂම ව සකස් කරගැනීමට පෙලඹ වීමක් ලබා දේ. ඊට අමතරව මෙය ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාවය, දෘශ්‍ය මතකය සහ ස්නායු ස්ථායීතාවය වැඩිදියුණු කිරීමට මෙන්ම සංහනනය වැළැක්වීමට ද උපකාරී වේ.

ඊට අමතරව Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හිදී භාවිතා වන ‘the sensory station’ සහ ‘VR තාක්ෂණය ද ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් වැඩිදියුණු කරගනිමින් ඒ හරහා පන්දු රැකීමේ දක්‍ෂතාවයන් ඉහළ නංවා ගැනීමට උපකාරී වනු ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<