Video – බුබුල කැඩූ ක්‍රීඩකයින්ට තිදෙනාට දඬුවම්!

252

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරමින් තාවකාලික තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

එයට අමතරව මාස 6ක දේශීය ක්‍රිකට් තරග තහනමක් සහ එක් අයෙක්ට රුපියල් මිලියන 10 බැගින් වන දඩයක් ද පනවා තිබෙනවා.