මලල ක්‍රීඩා ආරම්භ වුනත් චීනය තවමත් පෙරමුණේ

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

603

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සැවොම නොඉවසිල්ලෙන් බලා සිටි මලල ක්‍රීඩා ඉසව් අද (30) ආරම්භ වුනා. ඔලිම්පික් මලල ක්‍රීඩා පිටියේ සහ අනෙකුත් ක්‍රීඩාවන්හී අද දිනයේ විශේෂ සිදුවීම් කිහිපයක් මේ.

මලල ක්‍රීඩා (Athletics) 

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩාවෙන් ලබා ගත් පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර් 10,000 පිරිමි ඉසව්ව නියෝජනය කළ ඉතියෝපියානු ක්‍රීඩක Selemon Barega සමත් වුනා. ඔහු එම ඉසව්ව අවසන් කිරීමට ගත කළ කාලය සටහන් වුනේ මිනිත්තු 27:43.22ක් ලෙසයි.

Selemon Barega 
Selemon Barega (Image Courtesy: Getty Images)

පිරිමි මීටර් 10,000 ඉසව්වේ රිදී පදක්කම එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩක Joshua Cheptegei (මිනිත්තු 27:43.63) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම උගන්ඩා ක්‍රීඩක Jacob Kiplimo (මිනිත්තු 27:43.88) විසින් දිනා ගත්තා.

පිහිනුම් (Swimming) 

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු කේවල ලෝක වාර්තාව පිහිටුවමින් කාන්තා මීටර් 200 ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Tatjana Schoenmakerට හැකි වුනා. 

ඇය එම ඉසව්ව මිනිත්තු 2:18.95ක කාලයකින් අවසන් කරමින් බිඳ හෙලුවේ ඩෙන්මාර්ක් ක්‍රීඩිකා Rikke Møller Pedersen (මිනිත්තු 2:19.11) විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

Tatjana Schoenmaker
Tatjana Schoenmaker (Image Courtesy: Getty Images)

එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඇමරිකානු ක්‍රීඩිකාවන් වන Lilly King (මිනිත්තු 2:19.92) සහ Annie Lazor (මිනිත්තු 2:20.84) විසින් දිනා ගත්තා.

රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කළ Evgeny Rylov පිරිමි මීටර් 200 ළය ආර ඉසව්ව මිනිත්තු 1:53.27ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින්.

මිනිත්තු 1:54.15ක කාලයකින් තරගය අවසන් කළ ඇමරිකානු ක්‍රීඩක Ryan Murphy එහි රිදී පදක්කමත්, මිනිත්තු 1:54.72ක කාලයකින් තරගය නිමා කළ මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩක Luke Greenbank ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම හිමි වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Emma McKeon හටයි. ඇය එම තරගය තත්පර 51.96ක කාලයකින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වීම ද විශේෂත්වයක්.

 Emma McKeon
Emma McKeon (Image Courtesy: Getty Images)

එම ඉසව්වේ රිදී පදක්කම හොංකොං ක්‍රීඩිකා Siobhan Bernadette Haughey (තත්පර 52.27) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Cate Campbell (තත්පර 52.52) හටයි.

චීන ක්‍රීඩක Wang Shun විසින් පිරිමි මීටර් 200 Individual Medley ඉසව්ව මිනිත්තු 1:55.00ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ ආසියානු වාර්තාව ද බිඳ හෙළමිනුයි.

මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩක Scott Duncan (මිනිත්තු 1:55.28) විසින් එම ඉසව්වේ රිදී පදක්කමත් සහ ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Jérémy Desplanches (මිනිත්තු 1:56.17) විසින් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

මේසපන්දු (Table Tennis) 

පිරිමි කේවල මේසපන්දු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට චීන ක්‍රීඩක Ma Long සමත් වුනේ තවත් චීන ක්‍රීඩකයෙකු වන Fan Zhendong තරග වට 4-2ක් ලෙස පරාජයට පත් කරමිනි.

Ma Long
Ma Long (Image Courtesy: Getty Images)

එම ඉසව්වේ ලෝකඩ පදක්කම තරග වට 4-3ක් ලෙස චීන තායිපේ ක්‍රීඩක Lin Yun-ju පරාජය කළ ජර්මානු ක්‍රීඩක Dimitrij Ovtcharov හට හිමි වුනා.

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

ජූඩෝ (Judo) 

පිරිමි +100kg බර පන්තිය 

  1. රන් පදක්කම – Lukáš Krpálek (චෙක් ජනරජය) 
  2. රිදී පදක්කම – Guram Tushishvili (ජෝර්ජියාව) 
  3. ලෝකඩ පදක්කම – Tamerlan Bashaev (රුසියාව) සහ Teddy Riner (ප්‍රංශය)) 

පිරිමි +78kg බර පන්තිය 

  1. රන් පදක්කම – Akira Sone (ජපානය) 
  2. රිදී පදක්කම – Idalys Ortiz (කියුබාව) 
  3. ලෝකඩ පදක්කම- Romane Dicko (ප්‍රංශය) සහ Iryna Kindzerska (යුක්‍රේනය)

කඩු හරඹ (Fencing) 

පිරිමි කණ්ඩායම් Épée ඉසව්ව 

  1. රන් පදක්කම –ජපාන කණ්ඩායම  
  2. රිදී පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම   
  3. ලෝකඩ පදක්කම – දකුණු කොරියානු කණ්ඩායම 

Canoe Slalom 

පිරිමි Kayak ඉසව්ව 

  1. රන් පදක්කම – Jiří Prskavec (චෙක් ජනරජය) 
  2. රිදී පදක්කම- Jakub Grigar (ස්ලොවැකියාව) 
  3. ලෝකඩ පදක්කම – Hannes Aigner (ජර්මනිය)

දුනු විඳීම (Archery)

කාන්තා කේවල ඉසව්ව 

  1. රන් පදක්කම – An San (දකුණු කොරියාව) 
  2. රිදී පදක්කම- Elena Osipova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Lucilla Boari (ඉතාලිය)

ජිම්නාස්ටික් (Gymnastics)

කාන්තා Trampoline ඉසව්ව 

  1. රන් පදක්කම – Zhu Xueying (චීනය) 
  2. රිදී පදක්කම- Liu Lingling (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Bryony Page (මහා බ්‍රිතාන්‍ය)

පාපැදි (Cycling)

පිරිමි BMX Racing ඉසව්ව 

  1. රන් පදක්කම – Niek Kimmann (නෙදර්ලන්තය) 
  2. රිදී පදක්කම- Kye Whyte (මහා බ්‍රිතාන්‍ය) 
  3. ලෝකඩ පදක්කම – Carlos Ramírez (කොලොම්බියාව)

කාන්තා BMX Racing ඉසව්ව 

  1. රන් පදක්කම – Bethany Shriever (මහා බ්‍රිතාන්‍ය)
  2. රිදී පදක්කම- Mariana Pajón (කොලොම්බියාව)
  3. ලෝකඩ පදක්කම – Merel Smulders (නෙදර්ලන්තය)

Tennis

පිරිමි යුගල තරගය  

  1. රන් පදක්කම – Nikola Mektić & Mate Pavić (ක්‍රොඒෂියාව) 
  2. රිදී පදක්කම- Marin Čilić & Ivan Dodig (ක්‍රොඒෂියාව) 
  3. ලෝකඩ පදක්කම – Marcus Daniell & Michael Venus (නවසීලන්තය)

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හත්වැනි දිනය (30) අවසන් වන විට පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය චීනය විසින් හිමිකර ගෙන තිබෙන්නේ රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමඟිනුයි. 

ජපානය රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගනිමින් දෙවැනි තැන රැඳී සිටින අතර රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත් ඇමරිකාව පසුවන්නේ තෙවැනි තැනයි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<