Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

නැගෙනහිර හිරු කාන්තා සංවිධානයේ මාසික මහා සභා රැස්වීම - අම්පාර දිස්ත්‍රික්කය 2021.07.29

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යෘපාරය විසින් නැගෙනහිර හිරු කාන්තා රැස්වීම 2021 ජූලි මස 29 වන දින එහි ලේකම්වරිය වන සීතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තාවන් 15 සහභාගිත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදි පානීය ජල ගැටලුව, පිළිබඳවත් අලි මිනිස් ගැටුම පිළිබඳවත් ප්‍රාදේශීය සභාවට ලිපියක් ඉදිරිපත් කිරීම සමාරිකාවන්ගේ ඉතුරුම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. දැනට ව්‍යාප්තවෙමින් පවතින කෝරෝනා වසංගතය හමුවේ ගෙන ඇති පියවර සහ කාන්තාවන් වශයෙන් මෙම ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.