ඉම්රාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 29, 2021

ඉම්රාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාකිස්තාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ දැඩි විරෝධයට සහ පිලිකුළට හේතුවක් වී ඇත. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මීට පෙර අවස්ථා කීපයකදී ද මේ අයුරින් කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් කළ ප්‍රකාශ එරට කාන්තා ක්‍රියාකාරිනියන්ගේ දැඩි විරෝධයට එල්ල විය.

මේ වනවිට පාකිස්තාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ විරෝධයක් හේතුවක් වී ඇත්තේ, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකාවේ පී.බී.එස්. නාළිකාවේ මාධ්‍යවේදිනී ජූඩි වුඩ්රෆ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කළ ප්‍රකාශයකි. 

'යම් තරුණියක අතවරයකට ලක්වූ පසු, ඇයට එම අතවරය කළ පිරිමි පුද්ගලයා අපරාධකරුවෙකු වෙනවා. සම්පූර්ණයෙන් වරදකරු වන්නේ ඔහුයි. ඇය නොවෙයි. ඒත්, අතවරයට ලක්වුණු තැනැත්තිය එසේ අතවරයට ලක් වුණේ ඇගේ වරදින් වෙන්න පුළුවන්. ඇයගේ ඇඳුම් පැලඳුම්වලින් සහ ඇගේ හැසිරීමෙන් වෙන්න පුළුවන්. එසේ වුවත්, වරද පැටවනේනේ පිරිමි පුද්ගලයාට පමණයි.' යැයි අග්‍රාමාත්‍යවරයා එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේ රෑපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැහැදිලි කළේ, අතවරයට ලක් නොවී සිටීමට කාන්තාව දැනගත යුතු බවය. කාන්තාව සිරුර වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවත්ය. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom